ගමන් බෑගයක් තුළ පිරිමි මළ සිරුරක්

ගමන් බෑගයක තිබී පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තදුල්ව මහතා පැවසුවේ, සීදූව, දඬුගම් ඔය ඉවුරේ තිබී මෙම ගමන් බෑගය සොයා ගත් බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සහ ඔහුගේ මරණයට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

error: Content is protected !!