මෙම වසරේ තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක වර්ධනයක් – Reuters

2023 වසරේ තුන්වන කාර්තුවේ දී 8% ක ආර්ථික වර්ධනයක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් බවට පත්වනු ඇතැයි දේශීය මූලාශ්‍ර කිහිපයක් ඇසුරින් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අප්‍රේල්-ජුනි කාර්තුවේදී 3.1% කින් පහත වැටුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත වාර්තා පෙන්වා දුන් බව එම වාර්තාව පවසයි.

ඉහළ උද්ධමනය, මුදල් ඒකකය අවප්‍රමාණය වීම සහ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම පහත වැටීමට හේතු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසා තිබිණි.

කෘෂිකාර්මික අංශය පෙර වසරට වඩා 3.6% කින් වර්ධනය වූ නමුත් කර්මාන්ත වලින් නිෂ්පාදනය 11.5% කින් හැකිලුණු අතර සේවා 0.8% කින් පහත වැටී ඇත.

2022 දී 7.8% කින් හැකිලී ගිය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) මේ වසරේ 2% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

මේ වසරේ මුල් මාස තුන තුළ ආර්ථිකය 11.5% හැකිලී ගිය නමුත් මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා ගැනීමට රජය සමත් වූ දා සිට ක්‍රියාකාරකම් ක්‍රමයෙන් ස්ථාවර වී ඇතැයි වාර්තා පෙන්වා දී තිබේ.

මේ අතර First Capital හි පර්යේෂණ ප්‍රධානී දිමන්ත මැතිව් පෙන්වා දෙන්නේ සංකෝචනය මන්දගාමී වෙමින් පවතින අතර දෙවන කාර්තුවේදී දේවල් පහළට ගොස් තුන්වන කාර්තුවේ සිට නැවත වර්ධනයක් අපේක්ෂා කරන බවයි.

“ජූලි-සැප්තැම්බර් කාර්තුව, කාර්තු හයකට පසු ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන පළමු අවස්ථාව වනු ඇත.”

” කෘත්‍රිමව යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් පවතින බැවින්, තෙවන කාර්තුවේදී 8% ක පමණ වර්ධනයක් සමඟ බලාපොරොත්තු වූවාට වඩා වේගවත් ප්‍රකෘතියක් අපට දැකගත හැකි වේවි” මැතිව් වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තාව පෙන්වා දෙන්නේය.

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!