ශ්‍රී ලංකාවේ මන්දපෝෂණට එරෙහිව සටන් කිරීමට ප්‍රංශයෙන් UNICEF හරහා යූරෝ 500,000 ක පරිත්‍යාගයක්

රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය යුනිසෙෆ් හරහා යුරෝ 500,000 පරිත්‍යාග කර ඇතැයි වාර්තා වේ.

මෙම දායකත්වය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබී තිබේ.

මෙම දායකත්වය මගින් UNICEF සහ එහි හවුල්කරුවන්ට චිකිත්සක ආහාර සැපයීම මගින් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 1,500කට ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබේ.

මාස 6-23 අතර ළමුන් 120,000 කට ඌනතා මඟහරවා ගැනීමට සහ මන්දපෝෂණය වැළැක්වීම සඳහා ක්ෂුද්‍ර පෝෂක ලබා දීම ද මෙහි මූලික අරමුණක් වේ.

තම දරුවන් අතර මන්දපෝෂණය වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නිසි පිළිවෙත්, නිවැරදි තොරතුරු සහිත දෙමාපියන්/භාරකරුවන් 200,000ක් වෙත ඔවුන්ගේ දරුවන් අතර මන්දපෝෂණය වැළැක්වීම සඳහා නිසි පිළිවෙත් ලබා දීමට මෙමඟින් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ කුඩා දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාමාන්‍ය සහ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා ළඟා විය නොහැකි බැවින් ඔවුන් මන්දපෝෂණයේ අවදානමට ලක්ව ඇති බව හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean-Francois මෙසේ පැවසීය.

“ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයක් ඇති අතර UNICEF හරහා මෙම දායකත්වය ලබා දීම ශ්‍රී ලංකාවේ ළමුන් සහ ජනතාව සඳහා අපගේ හවුල් දැක්මේ එක් ප්‍රදර්ශනයක් පමණයි”

Latest News

More like this

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...

ඉන්දුනීසියවේ ගරූඩා ගුවන් සමාගමට අයත් යානයක කාර්ය මණ්ඩලයේම සේවය අත්හිටුවයි

මගියෙකුගේ නැතිවූ ජංගම දුරකතනයක් ගුවන් සේවා කාර්ය මණ්ඩලය රැඳී...

ශානි යළි CID ලොකු පුටුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි...
error: Content is protected !!