උද්ධිකට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වෙනවා.

අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඉන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැත.

පොලිසිය පවසන්නේ මන්ත්‍රීවරයාගේ වාහනය පසුපසින් පැමිණි වෑන් රියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මක බව සඳහන්.

Latest News

error: Content is protected !!