ඉන්දියාව කප් එක උස්සද්දී ෂාරුක් නිවසේ බැල්කනියට ඇවිත් සතුට සැමරූ හැටි

ඉන්දියාව ආසියානු කුසලාන ජයග්‍රහණය කිරීමෙන් පසු ෂාරුක් ඛාන් ඊයේ(17) මුම්බායි හි මන්නාත් මන්දිරයෙන් පිටත හදිසියේ පෙනී සිටිමින් රසිකයින්ට ආචාර කළා.

ඔහුගේ මෙම පෙනී සිටීම ඉන්දියාවේ ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව සිදු වූ අතර ඔහුගේ රසික රසිකාවියන් කියා සිටින්නේ ෂාරුක් නිල් පැහැති ටී ෂර්ට් එකකින් සැරසී ඉන්දීය කණ්ඩායමට තම සහයෝගය ලබා දුන් බවයි.

සමාජ මාධ්‍යවල ඔහුගේ රසිකයන් බෙදාගන්නා ඡායාරූප සහ වීඩියෝවලට අනුව ඔහුගේ නිවස ඉදිරියේ ප්‍රේක්ෂකයින් සඳහා ආචාර කිරීම සඳහා නිර්මාණය කරන ලද වේදිකාවක නැග සියලු දෙනාට ආචාර කරයි.

ඔහුගේ නිවස ඉදිරියේ ඒ වන විටත් විශාල රසිකයන් පිරිසක් එක් රැස් වී සිටින බව දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මෙය ඉන්දියාවේ ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා ද නැත්නම් මේ වන විටත් රුපියල් කෝටි 800 කට ආසන්න ඔහුගේ ජවාන් චිත්‍රපටයේ වාර්තාගත ආදායමේ සතුට පළ කිරීමක් ද යන්න වාර්තා වී නැහැ.

Latest News

error: Content is protected !!