මාර්ක් සකර්බර්ග් තවත් සේවකයන් 10,000ක් ඉවත්කරන බව දන්වයි

ෆේස්බුක් සමාජ ජාලය හිමි මෙටා සමාගම ගෝලීය වශයෙන් සේවය කරන සිය සේවකයන් 10,000ක් ඉදිරියේදී කපා හැරීමට සූදනම් වෙයි.

ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය සේවකයන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් මෙම නිවේදනය සිදුකළේය.

මෙය පසුගිය නොවැම්බර් මාසයේ සිදුකළ සේවක කප්පාදුව අනුව යමින් තවදුරටත් සේවක කප්පාදුවක් වන අතර, එම අවස්ථාවේදී සමාගමේ සේවකයන් 11,000ක් හෙවත් සමස්ත සේවකයන්ගෙන් 13%ක් පමණ ඉවත් කෙරුණි.

Latest News

error: Content is protected !!