ජනපති ෆේස්බුක් ලොක්කන් එක්ක දැඩි නීති ගේන්න සාකච්ඡා කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක් හි Meta සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති නික් ක්ලෙග් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

කොමිසමක් මගින් ‘සත්‍යය’ බේරුම් කිරීමට සැලසුම් කර ඇති ‘Online Safety’ නීතිය තවදුරටත් සංශෝධනය කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී සභාපතිවරයා වෙත පවසා සිටි බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඊයේ (19) සවස එම හමුව පැවති බවයි.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින් බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේ දී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...