ලෝක කුසලාන තේමා ගීතයට සමාජ මාධ්‍ය විරෝධයක්.

ජාත්‍යන්තර කවුන්සිලය (ICC) බදාදා, ඔක්තෝබර් 5 වනදා ඉන්දියාවේ ආරම්භ වන ලෝක කුසලාන 2023 හි නිල ගීය එළිදැක්වු අතර එය සමාජ මාධ්‍යවල එතරම් පිළිගැනීමට හේතුවී නොමැති බව වාර්තා වෙනවා.

ඊයේ(20) නිකුත් කළ ලෝක කුසලාන තරඟාවලියේ නිල ගීය ‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර තිබුණා. එහි ප්‍රධාන චරිතය බොලිවුඩ් නළු රන්වීර් සිං විසින් නිරූපනය කළ අතර සංගීතය නිර්මාණය කර ඇත්තේ බොලිවුඩයේ ජනප්‍රියම නිර්මාපකයෙකු වන ප්‍රීතම් විසින්.

මෙම ගීතයට ඉන්දීය පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල්ගේ බිරිඳ වන නර්තන ශිල්පී ධනශ්‍රී වර්මා ද දායක වී සිටිනවා. මිනිත්තු තුනක් හා තත්පර 22ක් දිගු ගීය අධිවේගී නෞකාවක ඉන්දියාව හරහා යන ගමනක් පෙන්වයි.

“ලෝක කුසලාන නිල ගීය හා වීඩියෝව විවිධ සංස්කෘතීන් හරහා ජාතීන් සහ රසිකයින් එකමුතු කරමින් ගෝලීය රසික ප්‍රජාවගේ හැඟීම් පුබුදු කරන්නකි.

නමුත් මෙවර ගීතයට සමාජ මාධ්‍යවල රසිකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණේ නැහැ. 2011 සහ 2015 පෙර සංස්කරණවල ගීත මෙන් ක්‍රිකට් ලෝලීන්ගේ ස්පන්දනය ග්‍රහණය කර ගැනීමට නොහැකි වීම නිසා ICC දැඩි විවේචනයට ලක්ව ඇති බව සඳහන්.2011 ලෝක කුසලාන ගීත ගීතය ශංකර් මහාදේවන් විසින් රචනා කරන ලද අතර එය “දේ ඝුමකේ” ලෙස නම් කරන ලදී.

ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් මෙය ලෝක කුසලාන ක්‍රිකට් තේමා ගීතය නොවන බවත් බොලිවුඩ් චිත්‍රපට ගීතයක් ලෙස එය හඳුන්වා තිබෙනවා. තවත් සමහරු පවසා ඇත්තේඑය ඉතිහාසයේ නරකම ලෝක කුසලාන නිල තේමා ගීතය වන බවයි.

පෙර පුවත්..

ලෝක කුසලාන නිල තේමා ගීතය නිකුත් වේ

ලෝක කුසලානය දිනා ගැනීමට කුමාර් සංගක්කාර කැමතිම කණ්ඩායම් දෙක හෙළි කරයි.. ශ‍්‍රී ලංකාව නෑ..

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...