රජයේ ආයතනවලින් තොරතුරු හෙළිදරව් කිරීම 40% යි- Veite Reserch

රාජ්‍ය ආයතනවලින් 70% කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අනාවරණය කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI පනත) මගින් ඔවුන්ට අවශ්‍ය වූ තොරතුරුවලින් 40% කට වඩා අඩු ප්‍රමාණයක් බව Verite Research විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළිදරව් කර තිබෙනවා.

කෘෂිකර්ම හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ විසින් හෙළිදරව් කළ යුතු තොරතුරුවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් හෙළිදරව් කර ඇති අතර ඔවුන් තක්සේරුවෙහි ඉහළම ස්ථානය හිමිකරගෙන ඇති බවයි වාර්තාව පවසන්නේ.

ජනාධිපති සහ අගමැති කාර්යාල විසින් අවශ්‍ය තොරතුරු වලින් 20%කට වඩා අඩු ප්‍රමාණයක් හෙළිදරව් කර ඇති අතර අඩුම අනුකූලතා අතරට ශ්‍රේණිගත වී සිටිනවා.

සමස්තයක් ලෙස අඩුම ලකුණු ලබා ගනිමින් පහළම ස්ථානයේ සිටින්නේ තාක්ෂණ අමාත්‍යාංශය බවයි වාර්තාව පවසන්නේ.

බොහෝ රාජ්‍ය ආයතනවල ඉතා ඉහළ භාෂා නැඹුරුවක් ද අධ්‍යයනයෙන් අනාවරණය කර ගෙන තිබෙනවා.

ජනාධිපති කාර්යාලය සහ වනජීවී අමාත්‍යාංශය පමණක් භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයේ තොරතුරු නිරන්තරයෙන් ප්‍රකාශයට පත්කරන ආයතන බව සැලකෙනවා.

සමස්තයක් වශයෙන්, සියලුම රාජ්‍ය අධිකාරීන් හරහා, අන්තර්ජාලයේ ඇති සියලුම තොරතුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවෙන් හෙළිදරව් කර ඇති බවත්, 37% ක් සිංහලෙන් සහ 29% ක් දෙමළ භාෂාවෙන් පමණක් තොරතුරු අනාවරණය කර ඇතැයි වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...