BTS රැප් ගායක Suga රසිකයින් හඬවමින් අනිවාර්ය හමුදා සේවයට

ලොව පුරා උන්මාදයක් වූ දකුණු කොරියානු BTS සංගීත කණ්ඩායමේ රැප් ගායක Suga පසු ගිය දා සිය අනිවාර්ය හමුදා සේවය ආරම්භ කළා.

ඒ කණ්ඩායම් සාමාජිකයින් වන Jin සහ J-Hope ගේ අඩිපාරේ යමින්. Suga දකුණු කොරියානු හමුදාවට බැඳුණු BTS හි තුන්වන සාමාජිකයා ලෙස සැලකෙනවා.

BTS නියෝජිතායතනය වන Big Hit Music විසින් කලින් දැනුම් දුන් පරිදි, Sugaගේ සමුගැනීම සඳහා නිල උත්සව කිසිවක් පවත්වා නැතැයි සඳහන් වෙනවා. එමෙන්ම ඔහුගේ සේවා කාලය තුළ ඔහුගේ සේවා ස්ථානයට පැමිණීමෙන් වළකින්නයැයි ද Big Hit Music ආයතනය ඔහුගේ රසිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

“කරුණාකර ඔබේ උණුසුම් සුබ පැතුම් සහ දිරි ගැන්වීම් ඔබේ හදවත් තුළ පමණක් ප්‍රකාශ කරන්නැයි” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. ඔහුගේ රසිකයන් මෙම පුවත අසා හඬා වැළපුණ බව වාර්තා වෙනවා.

පසුව Suga ද සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ රසිකයන්ට සුබ පැතුම් එක් කර තිබූ අතර 2025 වසරේ නැවත හමුවෙමු යයි පවසා තිබුණා.

BTS කණ්ඩායමේ රැප් ගායකයා වන ඔහුගේ සැබෑ නම Min Yoongi වන අතර රසිකයන් අතර ජනප්‍රියව සිටින්නේ Suga නමින්. ඔහු BTS තුළ පමණක් නොව කොරියානු පොප් සංගීතයේ ජනප්‍රියම ගායකයා ලෙස සැලකෙනවා.

BTS සාමාජිකයින් වන RM, Jimin, V සහ Jungkook ද හමුදා සේවයට බැදීමට නියමිත අතර 2025 දී පමණ නැවත කණ්ඩායම එකට එක් වනු ඇති බවයි පැවසෙන්නේ.

(From left) BTS’ J-Hope, Suga and Jin (Instagram, X)

Latest News

More like this

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...