නිසල හෙට්ටිආරච්චි කියල තරුණයෙක් ගැන මේ දවස්වල හැමෝම කතා බහ කරන්න අරන්. ඔහු මුල්ම වතාවට චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්නෙ මෑතකදී හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන ‘ලොක්කි’ ටෙලි නාට්‍යයෙන්.
එක ටෙලි නාට්‍යකින් මිනිස්සු අතරට යනව කියන එක සුළු පටු දෙයක් නෙවෙයි. ඒකත් උන්මාදයක් වෙන තරමට.
බැලූ බැලූ අත Nisala Lovers ලා වැහි වැහැලා. සමහරු කියන්නෙ ඔහුට පුදුමාකාර ආකර්ශන ශක්තියක් තියෙනව කියලා. හරියට ඉන්දියාවට ෂාරුක් ඛාන් වගේ කියලා.
මේ ආකර්ශනය නිසාම සමහරු නිසලට අකමැතියි. මේ මොකෙක්ද? කොහෙන් ආපු එකෙක් ද? කියල ගොඩක් අය අහන්න අරන්. පිටකවරවලින් පොත මනින්න බෑ කියල ජනප්‍රිය කියමනක් තියෙනවා. අපේ ලොකුම වැරැද්ද අපි දන්නෙ නැතුව දේවල් ජජ් කරන්න යන එක.
අපිත් ඇත්තටම ලොකු දේවල් කියන්න දන්නෙ නෑ. ඔහු ක්ෂේත්රයට නවකයෙක්. හර්ෂ උඩකන්දගේ නාට්‍යයකින් පුංචි තිරයට ආව තරුණයෙක්. නිරූපන ශිල්පියෙක්. හර්ෂ උඩකන්ද ගේ හත්වෙනි සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයටත් නිසල, මේ වෙනකොට තෝරගෙන ඉවරයි.
මේ ක්ෂේත්රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණු දුලීකා මාරපන නිසලව Read කරපු විදිය.
“මම මෙයාව Read කරපු විදිහක් තියෙනවා. මෙයා අතහරින්නෙ නැහැ. යන්න ඕනේ එකට අනිවාර්යයෙන් නිසල යයි. ඒකට හේතුව ලොකු ධෛර්යයක්, ලොකු දැක්මක්, ලොකු ටාගට් එකක් එක්ක තමා ඔහු එන්නෙ. අනික් අය නොයෙකුත් හේතු මත මගදි අත් හරිනවා සහ අත් හැරෙනවා. අනිවාර්යයෙන් ඔහු ඉදිරියට යයි”
ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් විදියට දුලීකා නිසල ගැන මෙහෙම තක්සේරුවක් දෙන්නේ පිටකවරේ විතරක් බලල වෙන්න බෑ. අපි මේ දේ ලියන්න හේතුව නිසල එයාගේ ෆේස්බුක් දාලා තියෙන මේ පෝස්ට් එක.
“මිනිස්සු ඉගනගෙන නෑ, දන්නෙ නෑ, කැපකිරීම් කරලා නෑ,
මේ මොකෙද්ද ? කොහෙන් ආපු කෙනෙක්ද ? මේ කවුද ? මෙතනට එන්න මෙයා මොනාද කරලා තියෙන්නෙ? කියලා කියන්න කලින් දෙපාරක් නෙමෙයි දහපාරක් හිතන්න මොකද ඒ මිනිස්සු එතනට එන්න කාපු කට්ට දන්නෙ ඒ මිනිස්සුම විතරයි ♥️
ඔය මුලින් තියෙන්නෙ මම මගේ රට වෙනුවෙන් මම 9 වසරෙදි ගෙනාපු දකුණු ආසියාතික තරගවල රිදී පදක්කම.
මගේ ප්‍රේක්ෂකයන් වගේම Nisu Lovers ලා ගැන නිහතමානී සතුටක් තියනවා !!
ඒ උනත් ඉතා සුලු පිරිසක් ඉන්නවා හරියට මගෙ හිත රිද්දන ඒ හැමෝම තේරුම්ගන්න ඕනෙ අපි හැමෝටම හීන තියනවා ඒ වගේම අපි ඒ හීන පස්සෙ දුවනවා කියන එක,
පොඩි දෙයක් කියලා යන්නම්, මට ලෝකයක් ඉස්සරහ ලංකාව නියෝජනය කරනවා කියන එක නුපුරුදු දෙයක් නෙමෙයි ♥️
ඒකයි අපි කිව්වෙ පිටකවරෙන් පොත මනින්න බෑ කියලා. ඔහු ගැන හේට් කමෙන්ට්ස් වපුරන අයට, වෛර කරන අයට කකුලෙන් අදින අයට කියන්න තියෙන්නෙ හැමෝම අහසින් වැටුණු මිනිස්සු නෙවෙයි. යමක් කරන්න ගොඩ නැගෙන්න උත්සහ කරන අයගෙ කකුලෙන් අදින්න කලින් දෙපාරක් හිතන්න.






