මුහුදේ සිට ගොඩබිමට ආ ටොනේඩෝවක් බම්බලපිටිය දුම්රිය පොළ වැනසූ අයුරු (වීඩොයෝ දර්ශන සහිතයි)

ඊයේ පස්වරුවේ ඇදහැලුණු වර්ෂාව සමඟ බම්බලපිටිය මුහුදේ ඇති වූ ටොනේඩෝවකට සමාන තත්ත්වයක් ගොඩබිම දෙසට ඇදී එන ආකාරය වාර්තා වුණා.

වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙන ආකාරයට ඇති වූ තද සුළඟත් සමඟ බම්බ්ලපිටිය මුහුදේ සිට ගොඩබිම දෙසට විශාල සුළං ප්‍රවාහයක් හමා එන අතර ඒ සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය ගැලවී යන ආකාරය දක්න්ට ලැබෙනවා.

වහළය ගැලවීයාමත් සමඟ දුම්රිය ස්ථානයේ සිටි මඟීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය දියගොබ වළාවක් බවයි. මෙය ගොඩබිම සිදුවන ටොනෙඩෝවකට සමාන තත්ත්වයක් බවත් මුහුදේ ජලය ඉහළට ඇදීමක් මෙමගින් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා තිබෙනවා.

එය ගොඩබිමට පැමිණීමත් සමඟ නැති වී යන ආකාරය ද විඩීයෝ දර්ශනවල දකින්න ලැබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...