ඌරු හදවතක් දෙවැනි වරටත් සාර්ථකව මිනිසෙකුට බද්ධ කෙරේ

එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් මරණාසන්න රෝගියකුගේ ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඌරෙකුගේ හදවතක් සාර්ථවකව බද්ධ කර ඇතැයි වාර්තා වේ.

මෙම පරීක්ෂණය මගින් රෝගියා මෙවන් පර්යේෂණාත්මක දස්කමකට ලක් වූ ලොව දෙවන මිනිසා බවට පත් විය.

දින දෙකකට පසු, මෙම පුද්ගලයාට පුටුවක වාඩි වී විහිළු කිරීමට හැකි වූ බව සිකුරාදා (සැප්තැම්බර් 22) මේරිලන්ඩ් වෛද්‍යවරු පැවසූහ.

58 හැවිරිදි නාවික හමුදාවේ ප්‍රවීණ නිලධාරියකු වන ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්වීමට ආසන්න තත්වයක සිටි නමුත් වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහුට සම්ප්‍රදායික හදවත් බද්ධ කිරීමක් කිරීමට නොහැකි වූ බව මේරිලන්ඩ් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පවසයි.

ඉදිරි සති කිහිපය තීරණාත්මකව පවතිනු ඇතත්, ඌරු අවයවයට ඔහුගේ මුල් ප්‍රතිචාරය ගැන වෛද්‍යවරු තෘප්තිමත් බව වාර්තා සඳහන් කරයි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...