චැනල් 4 හෙළිදරව්වලට නෛතික පදනමක් නැහැ – කතෝලික සභාව

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් මෑතක දී වාර්තා චිත්‍රපටයක් මගින් කරන ලද චෝදනා පදනම් කර ගනිමින් නව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් නොකරන බව කතෝලික සභාව ඊයේ (24) ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, පුද්ගලයන් 269 දෙනෙකුට මරු කැඳවූ සහ තවත් සිය ගණනකට තුවාල සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නැවුම් සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් සඳහා තමන් අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව පල්ලිය පවසා තිබේ.

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විස්මිත චෝදනා අඩංගු Sri Lanka’s Easter Bombings නම් වූ ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටිය චැනල් 4 නාලිකාව විසින් මෑතකදී විකාශය කරන ලදී.

වාර්තා චිත්‍රපටය කියා සිටියේ රාජපක්ෂලාට, විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලයට ඒමට පාර කැපීම සඳහා රාජ්‍ය නිලධාරින් යොදා ගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්, අදාළ වාර්තා චිත්‍රපටයේ නීතිමය පදනමක් නොමැති චෝදනා පමණක් අන්තර්ගත වී ඇති බැවින් එසේ කිරීමට අදහස් නොකරන බව කියා සිටියේය.

“මෙම වාර්තා චිත්‍රපටය පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු නොවෙමු. එහි ඇත්තේ චෝදනා පමණක් වන අතර ඒවාට නෛතික පදනමක් නොමැත. අපට අවශ්‍ය වන්නේ මෙම සමස්ත කාරණය සම්බන්ධයෙන් නැවුම් පරීක්ෂණයක් කිරීමයි. එවැනි පරීක්ෂණයක් ත්‍රස්තවාදය වැනි සියලුම ක්ෂේත්‍ර ආවරණය කළ යුතුයි. ප්‍රහාර, ඊට අනුබල දුන් පුද්ගලයන් හෝ පාර්ශවයන්, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇති වූ සිද්ධීන්, මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවල අඩුපාඩු සහ චැනල් 4 විසින් එල්ල කරන ලද චෝදනා ඊට අන්තර්ගත විය යුතුයි”

Latest News

More like this

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...

බැසිල්ගේ පැත්තක් හිරි වැටිලා…

ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු...

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...