ධනුෂ්ක නිදහස්.. තීන්දුවෙන් පසු සුදු ජාතික තරුණිය සිප වැළඳගනී

ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවකට ලක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදහස් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අවසරයකින් තොරව ලිංගික අතවරයකට ඔහු වරදකරු නොවන බව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී විනිසුරු සාරා භගට් තීරණය කර ඇති බවයි එම වාර්තා පවසන්නේ.

අදාළ චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටයි විනිසුරුවරිය තීරණය කරනු ලැබුවේ.

විනිසුරු හගෙට් ඇගේ තීන්දුව කියවන විට ඔහු ප්‍රතිචාර නොදැක්වූ අතර, ඔහු නඩු විභාගය පුරාම ඔහුට සහාය දුන් තරුණිය සිප වැළඳගත් බව වාර්තා පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී ඇප්ලිකේෂනයක් හරහා හඳුනාගත් තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.

කෙසේවෙතත් එයින් 03 ක් පසුව ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියානු නීති අංශ පියවර ගත්තා.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම යන චෝදනාව යටතේ පමණක් අනතුරුව මෙම නඩු විභාගය සිදු කෙරුණා.

ධනුෂ්ක ගුණතිලකට මුල් අවධියේදී සමාජ මාධ්‍ය තහනමක් මෙන්ම නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් පිටතට යාම පවා තහනම් කර තිබු නමුත් පසුව එම රෙගුලාසි ලිහිල් කරනු ලැබුවා.

මෙම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තරග තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.

Latest News

More like this

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...

බැසිල්ගේ පැත්තක් හිරි වැටිලා…

ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු...

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...