විජය සේතුපති ‘‘800’’ න් ඉවත් වුණේ මුත්තයිගේ දේශපාලනය නිසා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව තේමා කරගත් “800” චිත්‍රපටයෙන් විජය සේතුපති ඉවත් වූයේ ඔහුට සහ ඔහුගේ පවුලට දේශපාලනඥයින් කළ තර්ජනයන් නිසා බව මුත්තයියා මුරලිදරන් හෙළි කර තිබෙනවා.

“800” චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය නිරූපනය කිරීමට ප්‍රධාන නළුවා වශයෙන් මුලින්ම කටයුතු කළේ විජේ සේතුපති වුවත් පසුව හෙළි නොකළ කරුණක් මත ඔහු එම භූමිකාවෙන් ඉවත් වුණා.

මුත්තයියා මේ බව මෑතක දි හෙළි කළේ චිත්‍රපටයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති Zoom සංවාදයක් අතරතුරයි.

“මම IPL හි සිටින කාලය තුළ මගේ අධ්‍යක්ෂකවරයා, විජය සේතුපති රූගත කිරීම් සඳහා එම හෝටලයේම නැවතී සිටි බව පැවසුවා. ඔහු සාකච්ඡාවක් සංවිධානය කිරීමට ඉදිරිපත් වූ අතර මුලදී අවිනිශ්චිත වුවද, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මගේ රසිකයෙකු වූ විජේ හමුවීමට එකඟ වුණා. දින පහකට පසු, ඔහු රාත්‍රී 8.00 න් පසු පිටපත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැය දෙකක් වෙන් කළා. මුලින්ම චිත්‍රපටය ගැන ඔහු අව්‍යාජ උද්යෝගයක් පළ කළා. එවැනි සුවිශේෂී අවස්ථාවක් තමා අතපසු නොකරන බවත්, ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ආශාවෙන් සිටින බවත් පැවසුවා.”

ක්‍රිකට් ක්‍රීඩකයා කළ යම් වැරැදි ප්‍රකාශයක් නිසා දේශපාලනඥයන් කිහිප දෙනෙක් විජයගේ චරිතය රඟපාන්න එපා යැයි ඔහුට තර්ජනය කර ඇති බවයි මුත්තයියා හෙළිකළේ. ඔහු සහ ඔහුගේ චිත්‍රපටය නිසා විජේ සේතුපතිගේ වෘත්තීය ජීවිතය කඩාකප්පල් කිරීමට තමාට අවශ්‍ය නොවූ බව ද මෙහිදී පැවසුවා. 800 යනු ක්‍රීඩා චිත්‍රපටයක් බවත් එයට දේශපාලනය කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

විජේ සේතුපතිගේ ඉවත්වීමෙන් පසු, නිෂ්පාදකයින් ඔහු වෙනුවට “Slumdog Millionaire” චිත්‍රපටයේ මධුරර් මිට්ටල් මුත්තයියාගේ චරිතය සඳහා තෝරාගනු ලැබුවා. 800 ඔක්තෝබර් 6 වැනිදා ලොව පුරා දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල ඇතුළු විවිධ භාෂාවලින් නිකුත් කිරීමට නියමිතයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!