සමරිසි යුවලක් සික් කෝවිලක විවාහ වීමෙන් පසු ආරවුලක්..

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ විවාහයක් විශාල ආන්දෝලනයක් ඇති කර ඇති අතර එය සීක් ආගමේ ඉහළම පූජකයාගේ විවේචනයට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

21 හැවිරිදි මනීෂා සහ ඇගේ සංක්‍රාන්තික ලිංගික පෙම්වතාවන 27 හැවිරිදි ඩිම්පල් අනෙකුත් ඕනෑම පෙම්වතුන් පරිදි ආදරයේ වටිනාම දිනය වන විවාහය ඔවුන්ගේ ආගමේ චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් සිදු කිරීමට කටයුතු කළ අතර ඒ වෙනුවෙන් ප්‍රාදේශීය පූජ්‍ය ස්ථානයක් වෙත ගිය විට එහි පූජකවරයා ඔවුන් දිරිගන්වමින් ආශිර්වාද කළ බව සඳහන් වෙනවා.

“අප මගේ දෙමාපියන් ඉදිරියේ ඔහුට කතා කර එය පිරිමි-ගැහැණු විවාහයක් නොවන බවත්, උපතින්ම ස්ත්‍රී ලිංගය පවරන ලද පුද්ගලයෙකු සමඟ බවත් පැවසුවා”

ඉන්දියාව සමලිංගික විවාහ පිළි නොගන්නා නමුත් මනීෂා පවසන්නේ මීට පෙරද මෙවැනි විවාහයන් සිදු වූ බව පූජක හර්දේව් සිං තමන්ට පැවසූ බවයි.

එහෙත් මෙය ඔවුන්ගේ ආගමේ ඉහළ කමිටුවක් සමඟ සාකච්ඡා කර නැවත අමතන බව ඔවුන් වෙත දන්වා තිබෙනවා.

කමිටුව ඔවුන්ගේ විවාහය අනුමත කළ අතර සැප්තැම්බර් 18 වන දින සීක් ආගමික ග්‍රන්ථය වන ගුරු ග්‍රන්ත සාහිබ් ඉදිරිපිට යුවළ විවාහ වූ බව සඳහන්.

එතැන් සිට, ඔවුන්ගේ විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් මතභේදයක් මතු වූ අතර, සීක් ආගමේ ඉහළම පූජකයා වන Giani Raghbir Singh ගේ විවේචන මධ්‍යයේ, උත්සවය මෙහෙයවීම සම්බන්ධයෙන් සමාව අයැදීමට පූජකවරයාට සිදුවූ බව වාර්තා වෙනවා.

සමලිංගික විවාහය “ස්වාභාවික නොවන සහ සීක් ආචාර ධර්මවලට පටහැනි” ලෙස විස්තර කරමින්, ගුරු ග්‍රන්ත සාහිබ් ඉදිරියේ කාන්තාවන් දෙදෙනෙකුගේ විවාහය “දරුණු සදාචාරාත්මක හා ආගමික උල්ලංඝනයක්” බව සිං පූජකවරයා BBC වෙත පවසා තිබෙනවා.

විවාහ චාරිත්‍ර අධීක්ෂණය කළ පූජකවරයා සහ උත්සවයට පැමිණ සිටි තවත් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද ඔහු නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

පූජක හාර්දේව් සිං BBC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එය LGBT + විවාහ මංගල්‍යයක් බව තමා නොදැන සිටි බවට තර්ක කළේ උත්සවයේ දී එක් අයෙක් හිස්වැස්මක් පැළඳ සිටි බවට තර්ක කරමිනි.

ඔහුගේ ප්‍රකාශය ප්‍රශ්න කරමින් මනීෂා මෙසේ පවසා තිබෙනවා. “අපි ඔහුට සියලු විස්තර පෞද්ගලිකව පැවසුවා. ඇත්ත වශයෙන්ම අපි ඩිම්පල් කාන්තාවක් බව පැහැදිලි වන ජෛවමිතික හැඳුනුම්පත, ආධාර් (රජයෙන් නිකුත් කළ හැඳුනුම්පත) ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළා.

ඩිම්පල්ට තමා පිළිබඳ හැඟෙන්නේ ගැහැනියකගේ ශරීරය තුළ සිරවී සිටින පිරිමියෙකු ලෙස බව ඇය The Independent වෙත පවසා තිබෙනවා. එබැවින් ඔවුන්ගේ විවාහය වෛරීසහගත ලෙස විවේචනයට ලක් නොකරන්නැයි ඔවුන් සියලු දෙනාගෙන් ආයාචනය කර තිබෙනවා.

Dimple and Manisha’s wedding sparked controversy in the state’s Sikh community

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...