සංචාරක වීසාවලින් ඕමානයට ගිය ශ්‍රී ලාංකිකයන් අතරමං.. තානාපති කාර්යාලය අනතුරු අඟවයි

සංචාරක වීසා මත ඕමාන රාජ්‍යයට ඇතුළු වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා එහි ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික බලකායේ ක්‍රියා පටිපාටිවලට අපහසුතාවයක් ඇති වී ඇතැයි වාර්තා වී තිබේ.

මේ වන විට නීතිවිරෝධී සංක්‍රමණික සේවකයන් 130ක් පමණ ඕමානයේ අතරමංව සිටින අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය මාස කිහිපය තුළ සංචාරක වීසා කාලය අවසන් වීම හේතුවෙන් අතරමං වූ සංක්‍රමණික සේවකයින් 400කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගත් බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් ලෙබ්බේ සබරුල්ලා ඛාන් ඊයේ (28දා) මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම පුද්ගලයින්ට දඬුවම් දීමකින් තොරව ආපසු ගෙන්වා ගැනීමට කිසියම් උපකාරයක් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලය දිගින් දිගටම ඕමාන රජයට අභියාචනා කිරීමට උත්සාහ කරමින් සිටින බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එය දැන් බරපතල රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ඔහු වැඩි සඳහන් කර තිබේ.

වීසා කාලය ඉක්මවා රැඳී සිටින මෙම අතරමං වූ සංක්‍රමණිකයන් පිළිබඳව තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇති බවත්, මේ පිළිබඳව මෙම පුද්ගලයින්ගේ ඥාතීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙම ජනතාව වෙනුවෙන් ඕමාන රජයට ආයාචනා කිරීම තානාපති කාර්යාලයට කළ හැකි එකම දෙය වන බව ඔහු පවසයි.

මෙම සංක්‍රමණික සේවක කණ්ඩායම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) යටතේ ලියාපදිංචි වී නොමැති ඕමාන් අතුරු නියෝජිතායතන වෙතින් යැවූ පිරිස් බවයි පැවසෙන්නේ.

එබැවින් ඕමානයට යාමට අවශ්‍ය නම් SLBFE හි ලියාපදිංචි නියෝජිතයින්ගේ සහාය ලබා ගන්නා ලෙසත් නීත්‍යානුකූලව අනුමත ක්‍රියා පටිපාටිය සහ ලේඛන ක්‍රියාවලිය අනුගමනය කරන ලෙසත් තානාපතිවරයා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!