සංගීත් දිනිති විවාහ මංගල්ලය ළඟදීම.. – ෆ්‍රී ෂූට් එකට සිංගප්පූරු ගිහින්

සංගීත් – දිනිති කියන්නේ දැන් යුගල පදයක් වගේ එකටම ඇහෙන නම් දෙකක්.

ඒ ආදරේ කාටවත් රහසක් නෙවෙයි. හැමෝම හිතුවෙ දෙන්නා විවාහ වෙලා කියලා.

ඒත් පහුගිය දවසක සංගීත් දිනිතිට විවාහ යෝජනා කරන වීඩියෝවක් ඔවුන්ගේ Sangeeth Dini Vlogs යූ ටියුබ් චැනල් එකට අෆ්ලෝඩ් කරලා තිබුණා.

ඒ වගේම මේ දෙන්නා ළඟදි දවසක එයාලගේ මංගල උත්සවයේ ස්වර්ණාභරණ මිලදී ගන්න ගිහිල්ලත් තිබුණා.

දිනයක් තවම නිශ්චිතව දැනගන්න නොලැබුණත් සංගීත් දිනිති විවාහය ළඟම එනවා කියලායි ලැබෙන ආරංචිවලින් කියන්න පුළුවන්.

කොහොම හරි ඒ වැඩකටයුතු වෙනුවෙන් ඔවුන් මේ වෙනකොටත් සිංගප්පුරුවට ගිහින් ඉන්නෙ. දෙන්නගේ ෆ්‍රී ෂූට් එකත් මේ ගමනේ දීම සිද්ධ වෙන්නව කියලත් දැනගන්න ලැබුණා. ඡායාරූප ශිල්පී ලක්මාල් සිංහාරගේ ඇතුළු කණ්ඩායමක් ඔවුන් එක්ක මේ ගමනට එකතු වෙලා ඉන්නව කියලත් ආරංචියි.

Latest News

error: Content is protected !!