වසර 21ට පසු මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

චීනයේ Hangzhou හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි දිසානායක සමත් වී තිබේ.

ඇය විනාඩි 2 යි තත්පර 03.20 ක කාලයක් වාර්තා කළේ වත්මන් ශූර Chunyu Wang අභිබවා යමිනි.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ, වසර 21කට පසුව බව සඳහන් ය.

ඇය මේ වසරේ මුල පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ද කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වූවාය.

එහිදී ඇය විසින් වාර්තා කරන ලද කාලය විනාඩි 2.05.64 කි.

එමෙන්ම එහි මීටර් 400 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය.

පෙරේදා පැවති තරඟයේ දී නදීෂා ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීම ද විශේෂ අවස්ථාවකි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...