ඇෆ්ගනිස්ථානයට දරුණු භූමිකම්පාවක්

බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසා තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාව ඉරාන දේශසීමාවට ආසන්න බටහිර නගරයක් වන හේරත් සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් දේශීය වේලාවෙන් රාත්‍රී 11:00 ට පමණ හටගත් බවයි.

ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, මිනිසුන් සුන්බුන් යට සිරවී ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසනවා.

ආරම්භක භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් බලවත් අතුරු කම්පන තුනක් සිදු වු බව වාර්තා වෙනවා.

“අපි අපේ කාර්යාලවල සිටි අතර හදිසියේම ගොඩනැගිල්ල සෙලවෙන්නට පටන් ගත්තා. බිත්ති කපරාරු කඩා වැටීමට පටන් ගත්තා, බිත්ති ඉරිතැලීම් ඇති වුණා. සමහර බිත්ති සහ ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටුණා.” පදිංචිකරුවම් AFP වෙත පවසා තිබෙනවා.

භූමිකම්පාවෙන් පසු දුරකතන හා අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි වී ඇති බව සඳහන්.

තුවාල ලැබූ 70කට වැඩි පිරිසක් නගරයේ ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...