ජීවිතයත් මරණයත් අතර සටනින් ඉනික්බිති ජැක්සන් නික්ම යයි

ශ්‍රී ලාංකේය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 65 වියේ පසු වුණා.

2022 ජූලි 02 වන දින හදිසි අනතුරකින් ඔහු රෝහල් ගත කළ අතර දින 500 කට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුල නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඇන්තනි සහ ඔහුගේ බාල සොහොයුරා වන සමන් ඇන්තනී ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් ගමන් ගත් රථය තලාව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටීමෙන් තුවාල ලැබුවා.

ඔවුන් ගල්ගමුව හත්තිකුච්චි විහාරස්ථානයේ රූගත කිරීම් අවසන් කර ආපසු එමින් සිටියදී වන අලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර වන අලියාටද බරපතළ තුවාල සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පසුව ඇන්තනී මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ අතර, දැඩි සත්කාර ඒකකයේ පැය හතක ශල්‍යකර්මයකට භාජනය කර එතැන් සිට රෝහල් ගත කරනු ලැබුවා.

ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ මෙන්ම රූපවාහිනියේ ද ගෞරවනීය සම්පත් දායකයකු වන ජැක්සන් ඇන්තනී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන අතර හොඳම නළුවාට හිමි ජාතික සම්මානය දහසය වතාවක් වාර්තාගත ලෙස දිනාගැනීමට සමත් වුණා.

ඔහු අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු, ගායකයෙකු, තිර රචකයෙකු, රූපවාහිනී නිවේදකයකු, නවකතා රචකයෙකු, තීරු ලිපි රචකයෙකු, ගීත රචකයෙකු, ඉතිහාසඥයෙකු සහ සංචාරකයෙකු ලෙස ඔහුගේ අතිවිශාල සහ බහුවිධ දක්ෂතා දැක්වූවෙක්.

1993 දී චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ඔහු මුල් කාලයේ ‘ගුරු ගෙදර’, ‘චිට්ටි’, ‘අයෝමා’ සහ ‘ලොකු දුව’ යන චිත්‍රපටවල රඟපා ඇති අතර, පසුව ඔහු චිත්‍රපටවල රංගන ප්‍රබලයෙකු ලෙස තම තත්ත්වය ඔප්පු කිරීමට සමත් වුණා. ‘බව දුක’, ‘බව කර්ම’, ‘ගිනි අවි සහ ගිනි කෙළි’, ‘අස්වැසුම’, ‘අග්නි දාහය’, ‘සූරිය අරණ’, ‘මිල්ලේ සොයා’ සහ රන්දිය දහර වැනි නිර්මාණ ඔහුගේ රංගන දිවියේ කූටාප්‍රාප්තියක් ලෙස සැලකෙනවා.

දුර්ලභ නිසග කලා හැකියාවන් ගොන්නකින් රටක් පිනවූ අග්‍රගණ්‍ය කලා ශිල්පී ජැක්සන් ඇන්තනි කලාකරුවනි ඔබට මෝක්ෂ සුවයම හිමිවේවා!

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!