මරණ තර්ජන හමුවේ ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව තර කරයි

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ෂාරුක් ඛාන් තමන් වෙත මරණීය තර්ජන එල්ල වී ඇතැයි පැමිණිලි කිරීමත් සමඟ මහාරාෂ්ට්‍ර රජය විසින් ඔහුගේ ආරක්ෂාව Y+ කාණ්ඩයට වැඩි කර ඇති බව වාර්තා වෙනවා.

මහාරාෂ්ට්‍ර පොලිසිය උපුටා දක්වමින් ANI වාර්තා කළේ ෂාරුක් ප්‍රාන්ත රජයට ලිඛිත පැමිණිල්ලක් ලබා දී ඇති බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් තමාගේ Pathan සහ Jawan චිත්‍රපට තිරගත වීමෙන් පසු තමාට මරණ තර්ජන ඇමතුම් ලැබුණු බව ෂාරුක් පවසා තිබෙනවා.

ඒ අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බුද්ධි දෙපාර්තමේන්තුව, ප්‍රාන්තයේ සියලුම පොලිස් කොමසාරිස් කාර්යාල, දිස්ත්‍රික් පොලිස් සහ විශේෂ ආරක්ෂක ඒකක වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි Y+ පරිවාර ආරක්ෂාවක් ඛාන් වෙත ලබා දෙන ලෙස දන්වා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෑතක දී ඔහුට සිදුවිය හැකි ජීවිත තර්ජන සලකා ආරක්ෂාව වැඩි කළ බව ද වාර්තා වුණා. Y+ කාණ්ඩය යටතේ ෂාරුක්ට කමාන්ඩෝ භටයින් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ රථවාහන නිෂ්කාශන රථයක් ඇතුළුව ආරක්ෂකයින් 11 දෙනෙකු හිමිවනු ඇති බව සඳහන් වෙනවා. පොලිස් නිලධාරීන් ඔහුගේ මුම්බායි නිවස වන මන්නාත් හි ස්ථානගත කිරීමට නියමිත බව ද වාර්තා පෙන්වා දෙනවා.

මෙම තර්ජන පැමිණෙන්නේ මීට පෙර ෂාරුක්ට එරෙහි විරෝධතාවලින් පසු මන්නාත් අවට ආරක්ෂාව වැඩි කර මාස කිහිපයකට පසු‍‍‍‍‍‍‍‍‍‍‍වයි.

අගෝස්තු මාසයේදී ඔන්ලයින් සූදු යෙදුම් (Online Gaming App) අනුමත කරන ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වුණා. මේ වසරේ මාර්තු මාසයේදී මිනිසුන් දෙදෙනෙක් මන්නාත් පරිශ්‍රයට කඩා වැදී තිබුණේ පිටත බිත්තිය කඩා බිඳ දමමිනි. මුම්බායි පොලිසිය පසුව පැවසුවේ ආරක්ෂකයින් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...