මියා කලීෆා ඊශ්‍රායල – පලස්තීන ගැටුම මැද්දට පනී

පලස්තීනයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායල-පලස්තීන ගැටුම උග්‍ර වෙමින් පවතිද්දී හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන මියා කලීෆා (Mia Khalifa) පලස්තීනයට සහයෝගය පළ කර තිබෙනවා.

X හි පෝස්ටුවක මේ පිළිබඳ අදහස් දක්වමින්, “පලස්තීනයේ තත්වය දෙස බලා පලස්තීනුවන්ගේ පැත්තේ සිටගත නොහැකි නම් ඔබ වර්ණභේදවාදයේ වැරදි පැත්තේ සිටින බවත් කාලයාගේ ඇවෑමෙන් එය ඔප්පු කර පෙන්වනු ඇති බවත්” ඇය පවසා තිබෙනවා.

මියා මෙම අදහස් පළ කරනු ලැබුවේ කලාපය, ප්‍රචණ්ඩත්වයේ යළි පිබිදීමක් අත්විඳිමින් සිටින අතර ඊශ්‍රායල-පලස්තීන ගැටුම ජාත්‍යන්තර සිරස්තලවල නැවත වරක් කේන්ද්‍රස්ථානය වෙමින් පවතින වාතාවරණයකයි.

හමාස් ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාරවලින් ද අවම වශයෙන් පලස්තීනුවන් 198 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා තීරයේ වෛද්‍ය මූලාශ්‍ර වාර්තා කර තිබෙනවා.

ගැටුම ඉක්මනින් නතර වන ලකුණක් පෙනෙන්නට නොමැති අතර ජාත්‍යන්තර ප්‍රජාව වර්ධනයන් දෙස සමීපව බලා සිටී.

වැඩිහිටි චිත්‍රපට හා විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ ඇගේ අතීතය ගැන ප්‍රසිද්ධියට පත් මියා, මීට පෙර ද ඊශ්‍රායල-පලස්තීන ගැටුම ගැන හඬ නැඟූ තැනැත්තියකි. පලස්තීනුවන්ට සහය දක්වමින් ඇය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ලෙබනන්-ඇමරිකානු මාධ්‍ය තුළ ද සැලකිය යුතු අවධානයට ලක්ව ඇති අතර, සාකච්ඡා අවුලුවාලීමට සහ සමාජ මාධ්‍ය වේදිකාවල විශාල කතාබහක් නිර්මාණය වීමට ද තුඩු දී තිබෙනවා.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...