ජැක්සන්ට අවසන් ගෞරවය දෙන්න ආව හේමාල්, උන්හිටිතැන් අමතක වුණු රසිකයින් නිසා අපහසුතාවට පත් වෙයි

ජැක්සන් ගැන සංවේදී හදවත් තියෙන හැමෝම කම්පා වෙන මොහොතක් මේ.

ඇත්තටම ඔහුට ආදරය කරන මිනිස්සු දහස් ගාණක් ආයෙත් නොයන ජැක්සන්ට තමන්ගේ අවසන් ගෞරවය ලබා දෙන්න යමින් ඉන්නවා. ඒ අතර කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු ජැක්සන්ව කිසි දවසක සජීවීව දැකල නැති මිනිස්සුත් ඇති.

ක්ෂේත්‍රයේ ජැක්සන් ඇන්තනීලගෙන් පසු පරම්පරාවක් නියෝජනය කරන හේමාල් රණසිංහ කියන්නෙ ඔහුට දැඩි ලෙස ගෞරව කරන කෙනෙක්. ඔහුට ආදරය කරන කෙනෙක්. ඔහු සමඟ ළඟින් ගණුදෙනු කරන කලාකාරයෙක්.

තැන නොතැන නොදන්න සමහර මිනිස්සු නිසා ජැක්සන්ට අවසන් ගෞරව දක්වන්න ආව හේමාල් අපහසුතාවට පත්වෙන විදිය මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. ජයරත්න මල්ශාලාවේ දී සමහරු හේමාල්ට සෙල්ෆි ගහන්න ආරාධනා කරන විදිය එහි සටහන් වෙලා තියෙනවා. හේමාල් බොහොම ආදරයෙන් ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් එහි දැක්වෙනවා.

අපි කවුරුත් සුන්දර මිනිස්සු එක්ක ෆොටෝ එකක් ගන්න කැමතියි. ඒත් ඉන්න තැන අමතක කරන්න නරකයි. සෙල්ෆියක් ගන්න ඒ හේමාල් ගිහින් ඉන්නෙ මඟුල් ගෙදරක නෙවෙයි. කලා ක්ෂේත්‍රයේ ඔහුගේ ළඟම ප්‍රවීණයකුගේ අවසන් ගමනට ආචාර කරන්න. ඇත්තටම ඒ අවස්ථාවේ හේමාල් අපහසුතාවට පත් වුණා වෙන්න පුළුවන්. හොඳ වෙලාවට ඔහුගේ බොහොම අවබෝධයෙන් සවිඥානිකව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එහෙම නොවුණ නම් අමතක වීමකින් හෝ ඔහු එයට මූණ දුන්න නම් අනිත් පැත්තෙන් ඔහුට මේ ගැන ලොකු විවේචනයක් එන්නත් තිබුණා.

කලාකරුවන්ට තියෙන ආදරය තියෙන්න ඕන. ඒක පෙන්නන්න ඕන. එතකොට තමයි කලාකරුවා පවතින්නේ. හැබැයි ඒක සව්ඥානික වෙන්න ඕන කියන එකට මේක හොඳ උදාහරණයක්.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...