මීළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්?

ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා හැටියට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්වනු ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ලබන 25 වැනිදා සේවයෙන් විශ්‍රාම යෑමත් සමඟ පුරප්පාඩු වන පොලිස්පති පුටුවට මෙම පත්වීම සිදුවනු ඇතැයි වාර්තා වේ.

දැනට සිටින අනුප්‍රාප්තිකයන් අතර සහකාර පොලිස් අධිකාරි කාලයේ සිට ජේ‍යෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිට ඇත්තේ දේශබන්ධු තෙන්නකෝන් මහතාය.

එහෙත් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වීම් ලැබීමේදී තාක්ෂණික කරුණක් මත සිදු වූ ලකුණු කප්පාදුවකින් ජේ‍යෂ්ඨතා ධූරාවලිය වෙනස් වී ඇතැයි වාර්තා වේ.

එම අවධියේදී තෙන්නකෝන් මහතාගෙන් පසු පිළිවෙළින් ජේ‍යෂ්ඨතා අනුපිළිවෙළෙහි සිට ඇත්තේ ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධනයි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියදී පොලිස්පති ප්‍රශංසා දත්ත ඇතුළත් කිරීමේදී වූ තාක්ෂණික කරුණක් මත ලකුණු 4ක් කපා දැමීමෙන් තෙන්නකෝන් මහතාගේ ස්ථානය වෙනස් වී තිබේ.

පොලිස්පති ප්‍රශංසා ලේඛනයට 230 බී පෝරමය වෙනුවට පැරැණි ආකෘතියෙන් දත්ත සැපයීම ඊට හේතුව වී ඇත.

ඉන්පසු ජේ‍යෂ්ඨතා අනුපිළිවෙළ සකස් වී ඇත්තේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක හා දේශබන්ධු තෙන්නකෝන් වශයෙනි.

එහෙත් ශ්‍රී ලංකා පොලිසියෙහි සිය සේවා කාලය තුළ බහුවිධ අංශවලින් දේශබන්ධු තෙන්නකෝන් මහතා පෙන්වා ඇති කුසලතා හා ඔහුගේ අත්දැකීම් ගැන මේ වනවිට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයකි.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක හමුදාද ඒකාබද්ධ කරගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය මාෆියාවේ සැලකිය යුතු මහමොළකරුවන් පිරිසක් ආසන්න කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විණි.

එසේම කොවිඩ් – 19 වයිරස් වසංගත සමයේදී ජාතික ප්‍රවාහන සේවා බිඳ වැටී මහජන සේවාවලට බාධා පැමිණි අවස්ථාවේදී ඒවා යථාවත් කිරීමට දේශබන්ධු තෙන්නකෝන් මහතා මැදිහත් වී සකස් කළ වැඩපිළිවෙළ එකල බොහෝ පිරිසකගේ ප්‍රශංසාවටද ලක්විය.

සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් පොලිස් සේවයට බැදුණු දේශබන්ධු තෙන්නකෝන් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. මොහු කොළඹ නාලන්දා විද්‍යාලයෙහි කීර්තිමත් ආදි සිසුවෙකි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!