ප්‍රසන්න විතානගේ ගේ “පැරඩයිස්” බුසාන් ජ්‍යාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලබයි

ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ “පැරඩයිස්” චිත්‍රපටය 2023 බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා වන Kim Jiseok සම්මානය දිනා ගනිමින් ඉතිහාසගත වාර්තාවක් තබා තිබෙනවා.

Newton සිනමා විසින් නිෂ්පාදනය කරන Mani Rathnam සහ Madras Talkies විසින් ඉදිරිපත් කරන ලද මෙම චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දර්ශනය බූසාන්හිදී පැවැත්වුණා.

රොෂාන් මැතිව්, දර්ශන රාජේන්ද්‍රන්, ශ්‍යාම් ප්‍රනාන්දු, සහ මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වුණා.

මෙහි කැපී පෙනෙන දක්ෂතා අතරට රජීව් රවීගේ කැමරා අධ්‍යක්ෂණය සහ ශ්‍රිකර් ප්‍රසාද්ගේ සංස්කරණය ඇතුළත්. මෙහි ශබ්ද නිර්මාණකරු ලෙස තපස් නායක් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් K ක්‍රිශ්න කුමාර් දායක වී තිබෙනවා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...