ප්‍රාථමික පාසලක් හා ළමුන් ඇතුළු ඉලක්ක කිහිපයක විශාල විනාශයක් කරන හමාස් සංවිධානයේ රහස් ලේඛනයක් එළියට

හමාස් ත්‍රස්තවාදී කල්ලිය විසින් සකස් කරන ලදැයි කියන ‘ඉහළ රහස්’ ලේඛනයකින් ඊශ්‍රායලයේ Kfar Sa’ad හි ප්‍රාථමික පාසල් සහ තරුණ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගැනීමට සැලැස්මක් පැවති බවත්, එම සැලැස්මට “හැකි තරම් පිරිසක් ඝාතනය කිරීම” ඇතුළත් වූ බවත් හෙළි වී තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වන මෙම ලේඛනය මියගිය ත්‍රස්තවාදීන්ගේ සමහර සිරුරු වලින් සොයා ගත් බවයි වාර්තා වන්නේ.

අරාබි බසින් ‘ඉහළ රහස’ ලෙස ලේබල් කරන ලද ප්‍රහාර සැලැස්මක් ලෙස පෙනෙන ලේඛනයෙන්, ගම් සහ අනෙකුත් සිවිල් ස්ථාන වට කර ඉලක්ක කිරීමට පුහුණු ඒකක දෙකක් යොමු කර ඇතැයි පවසනවා.

“සටන් ඒකකය 1” “නව Da’at පාසල වෙත යොමු කර ඇති අතර “සටන් ඒකකය 2” “ප්‍රාණ ඇපකරුවන් එකතු කිරීම” සඳහා යොදවා ඇති බවයි පැවසෙන්නේ. “Bnei Akiva තරුණ මධ්‍යස්ථානය සොයන්න” සහ “පැරණි Da’at පාසල සොයන්න”යැයි එහි සඳහන්ව තිබෙනවා.

තවත් පිටුවක හමාස් ඒකකයක් Kfar Sa’adහි නැඟෙනහිර පැත්ත සුරක්ෂිත කිරීම සඳහා සැලැස්මක් විස්තර කරන අතර දෙවන ඒකකය බටහිර පාලනය කළ යුතු බව දැක්වෙනවා. “හැකි තරම් පිරිසක් මරා දමයි” සහ “ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගැනීම” යනුවෙන් වාක්‍ය ඊට ඇතුළත්. තවත් සැලැස්මක ආපන ශාලාවක් වට කර එහි පුද්ගලයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනීමක් ගැන සඳහන්ව තිබෙනවා.

ලිපි ලේඛන කිහිපයක් මේ වන විට ඊශ්‍රායල නිලධාරීන් විසින් පරීක්ෂා කරමින් පවතී. ඔක්තෝම්බර් 7 වන දින වාර්තා වන දර්ශන මගින් ද හමාස් සටන්කාමීන් විසින් ‘ඉහළ රහසිගත’ ලේඛනයේ විස්තර කර ඇති උපක්‍රම සමඟ ක්‍රියාත්මක වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!