ලංකාවේ ප්‍රථම වතාවට ජනප්‍රියම ගුරුවරයා ලෙස දිනේෂ් මුතුගල සර්ට සම්මානයක්

ලංකාවේ ප්‍රථම වතාවට ජනප්‍රියම සම්මානයක් ගුරුවරයෙක්‍ට හිමි වීම ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහලේ දී සිදු වුණා.
ඒ Brithsh Way Popular Awards සම්මාන උළෙලේ දී. මෙම සම්මාන උළෙල ලංකාවේ පළමු වතාවට ජනප්‍රිය සම්මාන පමණක් ලබා දුන් එකම සම්මාන උළෙල බවට පත් වූ අතර ටෙලි නාට්‍ය සහ සිනමාවෙන් ඔබ්බට සමාජ මාධ්‍යවල ජනප්‍රියම චරිත වෙත සම්මාන ලබා දීම කැපී පෙනෙන සිදු වීමක් වුණා.

ඒ අතර ලංකාවේ සමාජ මාධ්‍යවල ද විවිධ ආකාරයෙන් කතා බහට ලක් වන ජනප්‍රිය ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙක් වන දිනේෂ් මුතුගල සර්ට හිමිවීම විශේෂත්වයක්.

“මිනිස්සුන්ගේ ආදරය කියන්නෙ හරිම පුදුම සහගත දෙයක්. අපි ආදරය දුන්නොත් පෙරළා අපට ආදරය ලැබෙනවා”

ජනප්‍රියම සම්මානය තමන්ට ලබා දෙන්න තරම් ආදරණීය වුණු මිනිස්සු ගැන සම්මානය ලබා ගැනීමෙන් පස්සෙ මුතුගල සර් ඒ විදියට තමන්ගේ ස්තූතියි ප්‍රකාශ කරන්න අමතක කරල තිබුණේනෑ.

Latest News

More like this

ජීවන් තොණ්ඩමන් ඉන්දීය සුරූපිනියක් සමඟ යුග දිවියට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඉන්දීය ක්‍රිකට් තරුව ස්ම්‍රිති මන්දානාගේ විවාහය පැය කිහිපයක් ඉතිරිව තිබියදී හදිසියේ නවතී….

ඉන්දීය ක්‍රිකට් තරුවක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව...

නුවරඑළිය නගරාධිපතිගේ ආසාවක් ඉෂ්ට කරගන්න වියදම මිලියන 135යි.. විපක්ෂයෙන් දැඩි විරෝධයක්

නුවරඑළිය මහ නගර සභාවේ මහ නගාරාධිපතිවරයා නව නිල රථයක්...

ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…

රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත්...