හමාස්, දරුවන්ගේ හිස ගසා දැමූ බව ප්‍රකාශ කළ CNN මාධ්‍යවේදීනිය සමාව අයදියි

බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයට බිළිඳුන්ගේ හිස ගසා දැමූ බව තහවුරු කළ හැකි බව සජීවීව වාර්තා කළ CNN මාධ්‍යවේදිනියක් ඇයට වැරදීමක් සිදු වූ පවසමින් එම ප්‍රකාශ වාර්තා කිරීම සම්බන්ධයෙන් සමාව අයැද තිබෙනවා.

මෙම සිද්ධිය තහවුරු කළ නොහැකි බවට ඊශ්‍රායල රජය විසින් කරන ලද ප්‍රකාශයකින් අනතුරුව සාරා සිඩ්නර් (Sara Sidner) සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන X ඔස්සේ මෙසේ සමාව අයැද සිටියා.

සමාව අයැදීමේ දී ඇය සඳහන් කළේ ” අපේ සජීවී විකාශය අතරතුර ඊශ්‍රායල අගමැති කාර්යාලය හමාස් සංවිධානය විසින් ළදරුවන් සහ ළමයින් හිස ගසා දැමූ බව තහවුරු කළ බවයි”

“ඊශ්‍රායල රජය දැන් පවසන්නේ ළදරුවන් හිස ගසා දැමූ බව තහවුරු කළ නොහැකි බවයි. මම මගේ වචන ගැන වඩාත් සැලකිලිමත් විය යුතුව තිබුණා. මට සමාවෙන්න.” ඇය වැඩිදුරටත් පවසනු ලැබුවා.

Kfar Aza kibbutz හිදී ළමුන්ගේ හිස ගසා දැමූ බවට ප්‍රකාශය මුලින්ම ප්‍රචාරය වූයේ ඊශ්‍රායල ප්‍රවෘත්ති නාලිකාවක් වන i24News විසින් සජීවී විකාශනයකින් පසුවයි.

ඊශ්‍රායල සෙබළුන්ගේ සාක්ෂි උපුටා දක්වමින් ඊශ්‍රායල හමුදාව විසින් kibbutz යළි අත්පත් කර ගැනීමෙන් පසුව සොයාගත් සිරුරු අතර “ළදරුවන්ගේ හිස ගසා තිබූ බව” බව එහි වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔවුන් පවසන්නේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය හරහා එය ඉක්මණින් පැතිර ගිය බවයි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ” ත්‍රස්තවාදීන්ගේ, ළමයින්ගේ හිස ගසා දැමීමේ පින්තූර දැකීමට සිදුවේ යැයි කිසි දිනක මා සිතුවේ නැහැ” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව වාර්තා වුණා.

ඔහුගේ ප්‍රකාශයන් පසුව ධවල මන්දිරය විසින් පැහැදිලි කරන ලද අතර, “හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායල දරුවන්ගේ හිස ගසා දැමූ බව ජනාධිපති ජෝ බයිඩන් සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් දැක හෝ ස්වාධීනව තහවුරු කර නැත” යනුවෙන් ප්‍රකාශ කළේ “නෙතන්යාහුගේ ප්‍රකාශකයා සහ ඊශ්‍රායලයේ මාධ්‍ය වාර්තා” උපුටා දක්වමින්.

ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී හමාස් සංවිධානය ඊශ්‍රායල ජාතිකයන් 1300ක් ඝාතනය කළා. එයට ප්‍රතිචාර දැක්වුයේ ගාසා තීරයට අසීමිත ලෙස බෝම්බ හෙළීන වටලෑම, සහ ළමුන් 700කට අධික සංඛ්‍යාවක් ඇතුළුව පලස්තීනුවන් 2,200කට වඩා මරා දැමීමෙනි.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!