යාපනයේ ජනාධිපති මන්දිරය බදු දීමට යයි

විභව වාණිජ පරිවර්තනයක් කරා යන ගමනක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යාපනයේ පිහිටි ජනාධිපති මන්දිරය බදු දීමට ලංසු ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

අනාගත ආයෝජකයින් දෙදෙනෙකු මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය වෙත සිය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කල්බදු අවසන් කිරීම සඳහා අධිකාරිය දැනට ප්‍රධාන රජයේ තක්සේරුකරුගෙන් ඇස්තමේන්තුගත තක්සේරු කිරීම් බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම දේපල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT), පුද්ගලික විශ්ව විද්‍යාලයකට සහ හෝටල් සංවර්ධකයෙකුට බදු දීමට ඉඩ ඇති බවයි.

දැනට පවතින ගොඩනැගිලි සහ පිළිගැනීමේ ශාලා හැර, දේපලෙහි කොටසක් සංවර්ධනය කිරීම ද මෙම යෝජනාවට ඇතුළත්.

රු. බිලියන 3.5 ක වියදමින්, කන්කසන්තුරේ (KKS) හි පිහිටි ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සැලසුම් කර ඉදිකරන ලද්දකි.

Latest News

error: Content is protected !!