අපේ හදවත් වල දයාව දෙස බලන්න, මෙන්න ළමයි, අපි ඔබ ලෙස ඔවුන් මරා දැමුවේ නැහැ – හමාස් සටන්කාමීන් පැහැරගත් දරුවන් නළවන වීඩියෝවක්

දේශසීමා ප්‍රහාරයේදී පැහැරගත් ඊශ්‍රායල දරුවන් සමඟ හමාස් සටන්කාමීන් පෙන්වන වීඩියෝවක් සිකුරාදා (ඔක්තෝබර් 13) එම සංවිධානය විසින් නිකුත් කළා.එම දර්ශනවල සටහන් වී තිබුණේ සටන්කාමීන් හඬන දරුවන් නළවන හා සුරතල් කරන ආකාරයයි.

හමාස් මෙම වීඩියෝ පටය මුදා හරිනු ලැබුවේ පලස්තීනුවන් දරුවන් මරා දැමූ බවට ඊශ්‍රායලය චෝදනා කරන මධ්‍යයේය.

ඊශ්‍රායල දරුවෙකුගේ තුවාල වූ පාදයකට බෙහෙත් බඳින සටන්කාමියෙක් තොටිල්ලක දරුවෙක් නළවන සටන්කාමීන් මෙන්ම දරුවන් වඩාගෙන හුරතල් කරන සටන්කාමීන්ද එහි දැක්වෙනවා. වීඩියෝව අතර සිරස්තලයක් පවසන්නේ එය රූගත කර ඇත්තේ Holit හි දී බවයි. එය හමාස් විසින් සිය ගණනක් මිනිසුන් මරා දැමූ ඊශ්‍රායල දේශසීමා ප්‍රජාවන්ගෙන් එකකි.

“අපේ හදවත් වල දයාව බලන්න, මෙන්න ළමයි, අපි ඔබ ලෙස ඔවුන් මරා දැමුවේ නැහැ” එක් සටන්කාමියෙක් වීඩියෝවේ දී පවසනවා.

Holit යනු ගාසා තීරයේ සිට කිලෝමීටර් 2 ක් දුරින් පිහිටි ස්ථානයක් වන අතර එය ඔක්තෝබර් 7 වැනිදා හමාස්ගේ හදිසි ප්‍රහාරයේ එක් ඉලක්කයක් වුණා.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) වීඩියෝ පටය බෙදා ගනිමින් දරුවන්ගේ ‘හැඬීම’ සහ ‘බිය’ දෙස බලන්නැයි ඉල්ලීම් කර තිබෙනවා.

“මේ දරුවන් හමාස් ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේම නිවෙස්වල ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටිනවා. තුවාල වූ දරුවන් හා ඔවුන්ගේ කෑගැසීම් ඇසෙන අතර ඔවුන් බියෙන් වෙව්ලනු ඔබට දැනෙනවා ඇති, ඔවුන්ගේ දෙමාපියන් වෙනත් කාමරයක මිය ගොස් සිටිනවා ඇති. අපි පරාජය කිරීමට යන ත්‍රස්තවාදීන් මොවුන්ය”

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය විසින් මෑත කාලීන ප්‍රහාරය සම්බන්ධයෙන් ගාසා සටන්කාමීන්ට එරෙහිව ගෝලීය කෝපය ඇවිස්සීමට ගත් උත්සාහයක කොටසක් ලෙස, ලේ විලක් මැද මියගිය ළදරුවෙකුගේ සහ පිළිස්සුණු සිරුරක පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ද කටයුතු කර තිබුණා.

Latest News

More like this

නුවරඑළිය නගරාධිපතිගේ ආසාවක් ඉෂ්ට කරගන්න වියදම මිලියන 135යි.. විපක්ෂයෙන් දැඩි විරෝධයක්

නුවරඑළිය මහ නගර සභාවේ මහ නගාරාධිපතිවරයා නව නිල රථයක්...

ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…

රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත්...

විශ්‍රාම වැටුප අහිමි අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කරුණා සහගත දීමනාවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පසු කරුණා සහගත...

විශ්ව රූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයාග්‍රාහිකාවක්…

2025 විශ්ව රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ මෙක්සිකානුරූ රැජින...