හමාස් ප්‍රහාරවලින් මවත් පියාත් ඝාතනය වීමෙන් පැය 12කට පසු ඔවුන්ගේ සිරුරු අසලින් නිරුපද්‍රිතව සොයාගත් නිවුන් බිළිඳු සොහොයුරෝ

ඊශ්‍රායලයට එල්ල කළ හමාස් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරයේ බිහිසුණු කතා රාශියක් මධ්‍යයේ, ඝාතනයට ලක් වූ දෙමාපියන්ගේ සිරුරු අසල අනාථ වූ නිවුන් බිළිඳුන් දෙදෙනකු හමුවීම පිළිබඳ පුවතක් ජ්‍යාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්ව තිබෙනවා.

මාස 10ක් වයසැති නිවුන් සොහොයුරන් වන Guy සහ Roy නම් බිළිඳුන් දෙදෙනා සොයාගෙන තිබෙන්නේ තුවක්කුකරුවන් ඔවුන්ගේ දෙමාපියන් වන Itay සහ Hadar ඝාතනය කර පැය 12කට වැඩි කාලයකට පසු පවුලේ ආරක්ෂිත කාමරයක ඔවුන්ගේ බිළිඳු ඇඳන් තුළ නිරුපද්‍රිතව සිටිය දීය.

ළදරුවන් දෙදෙනාම දැන් ආරක්ෂිතව තම පවුලේ රැකවරණයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නමුත් පවුලේ ඥාතීන් පවසන්නේ ශාරීරිකව හානියක් නොවූවත් තවමත් අවුරුද්දක්වත් සම්පූර්ණ නැති දරුවන් දෙදෙනාට මවගේත් පියාගෙත් දෙදෙනාගේම සෙනෙහස අහිමි වීම සාහසික වූවක් බවයි.

‘ඔවුන්ට හුරුපුරුදු මුහුණු දැකීමට අවශ්‍යයි,’ඔවුන් ඉතා කුඩා නිසා, ඔවුන් තම දෙමාපියන්ගේ කටහඬේ ශබ්දයට, සුවඳට හුරුවී ඇති නිසා, ඔවුන් නින්දට යැවීම වෙනදාට වඩා දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. ඔවුන්ට දෙමාපියන්ගේ සැනසීම අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දින චර්යාව පමණයි”

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...