ගාසා තීරයට ගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන්න – ශ්‍රී ලංකාව හමාස් සංවිධානයට බල කරයි.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය සහ යුධ ක්‍රියාකාරකම් උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කරන අතරම, ගාසා තීරයට ගෙන යන ලද සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රචණ්ඩ ත්‍රස්ත ප්‍රහාර ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකින බවත් ගාසා තීරයට ගෙන ඇති සියලුම ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ප්‍රියංගා වික්‍රමසිංහ ඊයේ මාධ්‍ය වෙත පැවසුවා.

ගාසා තීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර, ඉන්ධන, ඖෂධ, විදුලිය හා ජලය ඇතුළු මානුෂීය ආධාර නොමිලේ ගෙන යන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවත්, තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටින බවයි ඇය පැවසුවේ.

දේශපාලන හෝ වෙනත් ආකාරයකින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයට යොමු වන සියලු දෙනා ඇතුළුව ශ්‍රී ලංකාව, සෑම ආකාරයකම ත්‍රස්තවාදය හෙළා දකින බව ඇය ප්‍රකාශ කළා.

1967 දේශසීමා මත පදනම්ව පලස්තීනය සහ ඊශ්‍රායලය යන රාජ්‍යයන් දෙකට මඟ පෙන්වන අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව, පලස්තීන ප්‍රශ්නයට සාධාරණ හා පුළුල් සාකච්ඡාමය දේශපාලන විසඳුමකට සහාය වීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා දූත මණ්ඩලය, Tel Aviv සහ Ramallah හි බලපෑමට ලක් වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මැදිරියක් ස්ථාපිත කර ඇති බවත් ඇය ප්‍රකාශ කළා.

Latest News

More like this

වසර හතරකදී කෝටි හයක් ගිණුම් තුනකට… යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

සිය වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් කෝටි හයකට ආසන්න...

ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා...

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...
error: Content is protected !!