සහල් ඇටයක් තුළ ජැක්සන් ජීවමාන කළ අයුරු

පැන්සල් තුඩක්,සහල් ඇටයක් වැනි ඉතාම ක්ෂුද්‍ර වස්තූන් මත කලා නිර්මාණ ප්‍රතිනිර්මාණය කරන කලාකරුවෙක් පසු ගිය දා අප අතරින් සමුගෙන ගිය ජැක්සන් ඇන්තනි මහතාගේ රුව සහ අත්සන ඉතාම කුඩා සහල් ඇටයක ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහු නමින් දයානන්ද ලොකු ලියනගේ. ඉතාම සියුම් ලෙස සිදු කළ මෙම නිර්මාණය කළ දයානන්ද ලොකු ලියනගේ කලාකරුවා මීට පෙරද පැන්සල් තුඩ,පැන්සල් බඳ සහ සහල් ඇට තුළ විවිධ නිර්මාණ සිදු කළ අයෙක්. ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රය මෙන්ම චාලි චැප්ලින් වැනි ප්‍රසිද්ධ චරිත ඔහුගේ නිර්මාණවලට ඇතුළත්.

ජැක්සන් ඇන්තනි වෙනුවෙන් කළ මෙම නිර්මාණය ඔහුගේ පවුලේ අයෙකුට හෝ අවැසි අයෙකුට ලබා දීමට ද ඔහු සූදානම්.

Latest News