සුබ මංගලම් කාවින්ද්‍යා – දනිඳු!

දණ ගාන පුංචි වයසේ ඉඳන් අපි කාවින්ද්‍යාව දන්නෙ එයාගෙ අම්මයි තාත්තයි ගායන ලෝකේ ජනප්‍රියම තරු දෙකක් නිසා.

“සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට – අප දෙන්නාගේ…”

මුළු රටම ආදරය කරපු ඒ ආදරේ ප්‍රථම කිරි සිහිනය වුණේ කාවින්ද්‍යා. ඇය වෙනුවෙන් ඔවුන් දෙන්නා ගායනා කරපු මේ ගීත අදටත් බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍රවන ගීයක්. එදා මේ ගීතය වෙනුවෙන් නිර්මාණය වුණු වීඩියෝවේ පුංචි සිංගිත්තිය වුණු කවී අද එයාගේ ජීවිතේ ලොකුම කඩඉම පහු කළා.

කාවින්ද්‍යා අධිකාරිගේ අත ගත්තෙ දනිඳු පෙරේරා.

සුබ මංගලම් කාවින්ද්‍යා – දනිඳු!

Latest News

error: Content is protected !!