සජබ මන්ත්‍රීවරුන්ගේ කැත වැඩේ, ඩයනාගේ අවලස්සන හැසිරීම සහ විදුලි බිල

සමගි ජන බලවේගයේ සුජිත් පෙරේරා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට පහර දීම හා පාර්ලිමේන්තුවේ පහළ මාලයේ පුස්තකාලය ආසන්නයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා ඩයනා අමු සිංහලෙන් එකිනෙකා ආමන්ත්‍රණය කර ගැනීම මේ වන විට විශාල ප්‍රවෘත්තියක් වී තිබේ.

කිසිවකු විසින් ඩයනාගේ බෙල්ලෙන් අල්ලා ගෙන සිටින ඡායාරූපයක් ද සමාජ මාධ්‍යවල එහා මෙහා යයි. එහි වීඩියෝවේ සජබ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින් ඩයනා ගමගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරන ආකාරය සටහන් වී ඇති අතර ඩයනා ද පෙරළා ඔහුට පැන පැන පහර දෙන්නට තැත් කරන ආකාරය සටහන් වි තිබේ.

එසේ සජබ මන්ත්‍රීන් රැළක් එකතු වී ගැහැණියකට භාවිත නොකළ යුතු අවමන් සහගත වචනවලින් කතා කිරීම, බෙල්ලෙන් අල්ලා ඇයට ශාරිරිකව හිංසනය කිරීම කැතම කැත වැඩකි.

එයින් ඩයනාගේ පාර්ලිමේන්තුවේ හැසිරීම ලස්සන බව අදහස් වන්නේ නැත. ඇගේ වාග් විලාසය එය මොහොතකට උත්තරීතර පාර්ලිමේන්තුව බව අමතක කර අපේ ගමේ කසිප්පු තිප්පොළ සහ බීලා සල්ලි නොගෙවා මාරුවෙන උන්ට සත්තම දාන එහි අයිතිකාර මැගිලින් අක්කා සිහිපත් කර දුන්නේය. කොහොමත් ඩයනා කාන්තා අයිතිවාසිකම්වලට මුවා වී පාර්ලිමේන්තුවේ දී බජාර් එකේ චණ්ඩියාට පණ පොවන මන්ත්‍රීවරියකි. ශ්‍රී ලංකා පුරවැසිභාවයවත් නොමැතිව නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවේ රැඳී සිටින චණ්ඩි ශ්‍යාමා ඇයයි.

මේ පාර්ලිමේන්තුවට මර්වින්ලා වැනි අයගේ හිඩැස පුරවන්නට කවුරුන් හෝ කෙනෙක් සිටිය යුතුය. ඩයනා ඉන්න තැන දැන් ඒ පාළුව ද නැත කියා සිතන්නේ පාර්ලිමේන්තුවේ පහර කෑ ඩයනා රෝහල් ගත වීම මේ වන විට බ්‍රේකින් නිවුස් එකක් වී ඇති නිසාය. පිටපත සාර්ථකය.

විදුලි ගාස්තු නැවත වටයකින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසරය හිමි වී ඒ අනුව චූටි මාතෘකාවක් බවට පත් වී තිබේ.

එය එතරම් සැලකිය යුතු නැති කුඩා ප්‍රශ්ණයක් ලෙස අමතක කරන්න සනත් නිශාන්තලා ඇවිත් අපේ බිල් ගෙවා දමන්නේ නැත.

සියයට 18% කින් විදුලි බිල වැඩිවීම යනු දැනටමත් විදුලි බිල දරා ගත නොහැකිව සිටින මිනිස්සුන්ට එක දිගට නින්ද යන්නෙ නැතුව කල්පනා වෙන්න ඕන ප්‍රශ්ණයක් වුණත් එක රැයක් ගත වෙන්නත් පෙර දවාලෙන්ම එය අමතක වුණේ පාර්ලිමේන්තුවේ මේ කලබැගෑනියට පිං සිදු වෙන්නටය.වැඩිවන විදුලිබිල ගැන අසා කම්පනයෙන් මහජනතාවට තුන්වෙනි මට්ටමේ දරුණු හාට් ඇටෑක් පැමිණීම එයින් වැළකී ගියේය.ජීවන බරෙන් හෙම්බත් වී සිටින අපට විදුලි බිල තවත් වැඩි වෙනවා කියන එක දැනන්නට නොදුන් ඩයනාටත් සජබ මන්ත්‍රීවරු දෙපළටත් අපි ස්තූතිවන්ත විය යුත්තේ එබැවිනි.

Latest News

More like this

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන...