TikTok තහනම් කළ නවතම රට බවට නවසීලන්තය පත්වෙයි

ටික්ටොක් ගැන නවසීලන්ත බලධාරීන්ද තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව එරට පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා ටික්ටොක් වෙත පිවිසීම තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

එවැනි තීරණ මේ වනවිට රටවල් කිහිපයක් ගෙන ඇති අතර විදෙස් මාධ්‍ය පවසන්නේ සිය දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවය.

ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන “ඩාන්ස් බයිට්” සමාගමයි.

ඉන්දියාව ද මේ වනවිට ටික්ටොක් තහනම් කර ඇති අතර බ්‍රිතාන්‍ය ඊයේ (16) තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ දුරකථන සඳහා ටික්ටොක් තහනම කිරීමටය.

එසේම අමෙරිකාව, කැනඩාව සහ බටහිර රටවල් කිහිපයක් ටික්ටොක් මෙවලම සම්බන්ධයෙන් විවිධ බාධක පනවා තිබේ.

ටික්ටොක් ලොව රටවල් 150ක පමණ භාවිත කෙරෙන අතර ලොව පුරා බිලියනයක් පමණ ග්‍රාහකයින් සංඛ්‍යාවක් එම මෙවලම හා සම්බන්ධව සිටියි.

Latest News

More like this

කෙන්යාවේ රෝබෝ වේටර්ලා මිනිස් ශ්‍රමිකයන්ට අභියෝග කරයි

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රථම වතාවට රොබෝ වේටර්වරුන් විසින් සේවා...

ඊලොන් මස්ක් iPhone සහ අනෙකුත් Apple උපාංග තහනම් කරයි

X, Tesla සහ SpaceX යන සමාගම් ජාලයේ හිමිකරු වන...

සඳ මත ජනාවාස ඉදිකිරීම ඇතුළු අභ්‍යවකාශ ගවේෂණයට ශ්‍රි ලාංකික දැවැන්තයෙක් චීනය සමඟ එක්වේ

ශ්‍රී ලංකාවට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වාදුන් සුප්‍රිම් ග්ලෝබල් සමාගම...

ඕනෑම තැනකට විනාඩි 10 න් යන්න පුලුවන් පියාඹන ටැක්සි සේවාවක්

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පියාඹන විදුලි...
error: Content is protected !!