ජැක්සන් ඇන්තනි, අලියා, කැබ් එක කේක් එකකට දාල කැපුව පවුලේ අයට විරෝධයක්

ජැක්සන් ඇන්තනිට ජීවිතය අහිමි කළ අනතුර එක්ක මුළු රටේම අවධානය යොමු වුණා. ඔහුගේ පවුලටත් හැමෝගෙම අවධානය ලැබෙන්න ගත්‍ත නිසාම ඔවුන් මොන දේ කළත් ඒවට විවේචන වැඩිපුර එන්න පටන් ගත්‍තා. රටම දුක් වුණු ජැක්සන්ට මාරාන්තික තුවාල සිද්ධ වුණු අනතුරක් වෙලා තියෙන අස්සෙ පවුලේ අය සුපුරුදු පරිදි Party,TV Showsවල කියලා විවේචන එල්ල වුණා.

ජැක්සන් ඇන්තනි මහතා රෝහල් ගත වෙලා හිටිය පහුගිය ජනවාරි මාසෙ දවසක පවුලේ අය එකතුවෙලා සමරපු උපන්දිනයක් ගැන
ආයෙමත් සමාජ මාධ්‍යවල දරුණු විදියට විවේචනය වෙන්න පටන් අරගෙන. ජැක්සන් අනතුරට ලක් වෙද්දිත් ඔහු අසලින්ම හිටිය ඔහුගේ ලේ ගලන තුවාල අමතක කරල ජැක්සන් ඇන්තනිව රෝහලට ඇතුළත් කරනකල් ඔහුගෙ පස්සෙන් හිටිය ඉරේෂ් ලක්මාල්ගේ බර්ත්ඩේ පාර්ටි එක තමයි මේ විදියට විවේචනය වෙන්නේ.

ඉරේෂ් තමයි ජැක්සන්ගේ ළඟම හිතෛශීවන්තම සහයකයා. අනතුරින් ඔහුගේ හිසට බරපතල තුවාල සිද්ධ වුණා. මැහුම් තිස් ගාණක් යොදන්න වුණා. ඉෂාන් පුවත්පතකට ලබා දීල තියෙන සම්මුඛ සාකච්ඡාවකදී කියල තිබුණ ජැක්සන් එයාට සැලකුවෙ එයාගෙම පුතෙකුට වගේ කියලා. සජිතගේ අකිලගේ උපන්දිනවලට දෙන තෑගිම ඔහු ඉරේෂ්ගේ උපන්දිනයටත් අරන් දෙන්න තරම් ඔහු ඉරේෂ්ට ආදරය කරල තිබුණා. අනතුරෙන් පස්සෙත් ඉරේෂ් ගෙදර යවන්න එපා රාගම ගෙදර නවත්තගන්න කියලා ඉල්ලීමක් ජැක්සන් කරලා තිබුණා.

ඉතින් ඔහුගේ උපන්දිනය විවේචනයට හේතුව බර්ත්ඩේ කේක් එකට යොදා ගත්‍ත ඩෙකරේෂන් එක ජැක්සන් අනතුරට පත් වුණු අවස්ථාව සංකේතවත් කරල තිබීම. ජැක්සන්ගේ රතුපාට කැබ් එක, අනතුරට හේතුවුණු අලියා වගේම ජැක්සන් අනතුරට පස්සෙ වැටිලා ඉන්න ආකාරයත් ඒ විදියටම ප්‍රතිනිර්මාණය කරල හදපු මේ කේක් ගෙඩිය පවුලේ අයගේ දැනුම්වත් වීමකින් කෙරුණ එකක් ද කියලා නම් කියන්න දන්නෙ නැහැ. ඒත් අනතුරක් එහෙම කේක් ගෙඩියකින් නිරූපනය කරල සමරනව දැකලා නෑ කියලයි ගොඩක් අය කිව්වෙ.කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ජැක්සන්ගේ පවුලේ අය කිසිම පැහැදිලි කිරීමක් කරලා නම් නැහැ.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...