සඳ මතුපිට මෙහෙයුම් සඳහා නවතම ඇඳුම් කට්ටලය එළිදක්වයි

නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක්වුණි.

මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකව කළුපැහැයෙන් යුක්තය. එසේම එහි තැඹිලි සහ නිල් පැහැයද ඇතුළත් කර තිබේ.

මෙම ඇඳුම ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, නම්‍යශීලී ආකාරයෙන් නිපදවා ඇත. ඒ අනුව, නාසා ආයතනය දැනට දශක කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ සුප්‍රසිද්ධ ඇපොලෝ මෙහෙයුමේදී ගගනගාමීන් ඇදි බරසාර අභ්‍යවකාශ ඇඳුමට වඩා මෙය හුරුබුහුටි ඇදුමකි.

මෙම ඇඳුම ඔවුන් Axiom Extravehicular Mobility Unit හෙවත් AzEMU ලෙස නම් කර තිබේ. තවමත් මූලාකෘතියක් ලෙස ඉදිරිපත්ව ඇති මෙම නවතම අභ්‍යවකාශ ඇදුම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම් සිදුකළ යුතුව ඇතැයි නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම නිර්මාණයේදී සුප්‍රසිද්ධ ඇදුම් මෝස්තර නිර්මාණශිල්පියෙකු වන ඊස්ටර් මාර්කියුස්ගේ සහායද ලබාගෙන තිබේ.

මෙම ඇදුම හූස්ටන්හි පිහිටි Axiom Space සමාගම එය නිෂ්පාදනය කර තිබේ. ඒ සඳහා නාසා ආයතනය මගින් එම සමාගමට පිරිනැමූ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇ.ඩො.මිලියන 228.5කි. මෙම එළිදැක්වීමේදී එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරු ජිමි ස්ටෙයින් මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම ආදර්ශනය කර පෙන්නුවේය.

කෙසේ වෙතත්, මෙම AzEMU අභ්‍යවකාශ ඇඳුමේ අවසන් හැඩය පිළිබඳ කාරණා තවදුරටත් රහසක් ලෙස පවත්වාගෙන යාමට නාසා ආයතනය කටයුතු කර තිබේ.

Latest News

More like this

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Rumble ජර්මනියේ AI cloud සමාගමක් මිලදී ගන්න යයි

අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වුණු Rumble විශාල ආයෝජනයක් සිදුකිරීමට...

iPhone Pocket : ඇපල් සමාගමින් නවතම හඳුන්වාදීමක්

ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක...

කෙන්යාවේ රෝබෝ වේටර්ලා මිනිස් ශ්‍රමිකයන්ට අභියෝග කරයි

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රථම වතාවට රොබෝ වේටර්වරුන් විසින් සේවා...

ඊලොන් මස්ක් iPhone සහ අනෙකුත් Apple උපාංග තහනම් කරයි

X, Tesla සහ SpaceX යන සමාගම් ජාලයේ හිමිකරු වන...