මම තනිවම ඒ තීරණේ ගත්ත නම් කවදාවත් ඒ දේ කරන්නෙ නැහැ – බ්‍රිට්නි ස්පියර්ස්, ජස්‍ටින් ටිම්බර්ලේක් සමඟ පැවති ප්‍රේම සම්බන්ධය අතරතුර පිළිසිඳගත් දරුවා ගබ්සා කළ බව ප්‍රථම වරට හෙළි කරයි

බ්‍රිට්නි ස්පියර්ස් (Britney Spears) ඇගේ නවතම චරිතාපදනය වන The Woman in Me හි, ඇය සහ ජස්ටින් ටිම්බර්ලේක් (Justin Timberlake) සමඟ පෙම් සබඳතාව අතරතුර, පිළිසිඳගත් ඔවුන් දෙදෙනාගේ දරුවා ගබ්සා කළ බව හෙළිදරව් කර තිබෙනවා.

බ්‍රිට්නි ස්පියර්ස් සහ ජස්ටින් ටිම්බර්ලේක් 90 දශකයේ අගභාගයේ ඇමරිකානු විනෝදාසවාද ක්‍ෂේත්‍රයේ “Hottest Couple” ලෙස සැලකුණා.

1999 දී ඔවුන් දෙදෙනා පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිරෙන්නට පටන් ගත් නමුත් ඇය Rolling Stone සමඟ කළ පළමු සම්මුඛ සාකච්ඡාවකදී එය ප්‍රතික්ෂේප කළා.

මේ වන විට 41 හැවිරිදි වියේ පසුවන ස්පියර්ස් පොතේ ගැබ් ගැනීම ගැන ලියමින් ඒ පිළිබඳ ජස්ටින් කිසිසේත් සතුටට පත් නොවූ බව සඳහන් කර තිබෙනවා. “ඔහු කිව්වා අපි තාම බබෙක් හදන්න ලෑස්ති ​​නැහැ, අපි ගොඩක් තරුණයි කියලා.”

“එය පුදුමයක්, නමුත් මට එය ඛේදවාචකයක් නොවේ. මම ජස්ටින්ට ගොඩක් ආදරේ කළා. දවසක අපි දෙන්නා එකට පවුලක් වේවි කියලා මම නිතරම බලාපොරොත්තු වුණා ”

“ඒ තීරණය තනියම ගන්න වුණා නම් මම කවදාවත් එය කරන්නේ නැහැ, නමුත්, ජස්ටින්ට පියෙකු වීමට අවශ්‍ය නැති බව ඉතා විශ්වාසයි.”

“අද දක්වාම, එය මගේ ජීවිතයේ මෙතෙක් අත්විඳින ලද වඩාත්ම වේදනාකාරී දේවලින් එකක්” ඇය වැඩිදුරටත් එසේ පවසා තිබෙනවා.

ස්පියර්ස් චෝදනා කරන්නේ ටිම්බර්ලේක් ඔහුගේ පළමු ඒකල ඇල්බමය වන “Justified” නිර්මාණය කරමින් සිටිය දී ඔහු ඇගෙන් වෙන්වීම ආරම්භ වු බවයි.ඔහුට එහි වාර්තා සඳහා එය මෙවලමක් වූ බව ඇය පවසනවා.

ටිම්බර්ලේක් ඔවුන්ගේ 2002 භේදයෙන් පසුව “Cry Me a River” විරහ ගීතය ගායනා කළ අතර ඔවුන් දෙදෙනාගේ වෙන් වීමේ හේතුව බ්‍රිට්නිගේ වෙනත් සම්බන්ධතාවයක් යැයි ඇඟවෙන ලෙස එහි වීඩියෝව නිර්මාණය කළා. එතැන් පටන් බොහෝ දෙනෙක් බ්‍රිට්නි වෙත චෝදනා කරමින් ඇයට වෛර කිරීමට පෙළඹුණා. ඔක්තෝබරයේ නිකුත් වන ඇගේ කෘතිය පිළිබඳ තොරතුරු එළියට එන තුරුම බොහෝ දෙනෙක් ඔවුන්ගේ සම්බන්ධය බිඳී යාම පසුපස සත්‍ය කතාව නොදැන සිටි බවත් ජස්ටින්ගේ වචන විශ්වාස කළ බවයි පැවසෙන්නේ.

2002 දී ස්පියර්ස් සහ ටිම්බර්ලේක් වෙන්වීමෙන් පසු, ඇය මවක් බවට පත් වූ අතර, පුතුන් දෙදෙනා වන ෂෝන් ප්‍රෙස්ටන්, 18 වැනි වියේත් ජේඩන් ජේම්ස 17 වැනි වියේත් පසුවෙනවා.ඇය ඇගේ තුන්වන සැමියා වන Sam Asgariගෙන් 2023 අගෝස්තු මාසයේ දී වෙන් වුණා. ඇගේ ජීවන මතක සටහන් ඇතුළත් ආන්දෝලනාත්මක ග්‍රන්ථය ඔක්තෝබර 24 දින, Gallary Book හරහා නිකුත් වීමට නියමිතයි.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...