කවුරු මොනව කිව්වත් ජනාධිපතිවරණය ලබන වසරේ පවත්වනවා – ජනපති සහතික වෙයි

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කරන බවට වාර්තා පළ වුවද නියමිත පරිදි ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත් ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වී තිබේ.

“ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ පැවැත්වෙන අතර පළාත් සභා මැතිවරණය 2025 මුලදී පවත්වනවා” යනුවෙන් කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

“රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට 50ක් පමණ සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක්. දේශපාලන පක්ෂ ගැන සොයා බැලීමට විශ්‍රාමලත් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරනවා. දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ට නායකත්වය දෙන්නේ කවුරුන්දැයි කිසිවෙක් දන්නේ නැහැ. අලුත් කොමිසම පක්ෂ ගැන විස්තර සොයා බලනු ඇති. ඇතැම් පාර්ශ්වවලට විශාල වශයෙන් මුදල් ලබා දෙන පුද්ගලයන්ගේ බලපෑම් එල්ල වෙනවා.” කොමිසම මේ සියල්ල සොයා බලා පක්ෂ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් මෙම පියවර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල ස්ථාවරය දැන ගැනීමට කැමති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අපිත් බුද්ධිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරනවා. ලබන මාසයේ අයවැය කතාවේදී බුද්ධිමත් ජාතියක් ගොඩනැගීමේ සැලසුම් මම ප්‍රකාශ කරනවා. ආර්ථිකය නඟා සිටුවීමට මම ජනාධිපති ධූරය භාර ගත්තා. ඒ සඳහා අපි පියවර ගෙන තිබෙනවා. රට එක පාරටම ස්ථාවර වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලය මේ කටයුත්තට මට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක වැනි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාරක සභා දෙකක සභාපතිවරුන් ලෙස කටයුතු කරමින් මට සහයෝගය ලබා දෙනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තා වෙනවා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!