ඉන්දියාවම පිස්සු වට්ටපු අමීර් ඛාන්ගේ කඩවසම් බෑණා

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ගේ දියණිය, ඊරා ඛාන් (Ira Khan), ඇගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු නූපූර් ශිඛාරේ (Nupur Shikhare) සමඟ 2024 ජනවාරි 03 වැනි දින විවාහ වීමට හා ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වෙනවා.

ඊරා ඇගේ ආදර කතාව බෙදා ගනිමින්, පසු ගිය දා විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප සමාජ මාධ්‍යවලට එක් කර තිබුණා. එම ඡායාරූපවල නර්තනයේ යෙදෙන නූපූර් මේ වන විට් සියලු දෙනාගේ හිත් පැහැර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඇයගේ හදවත සොරාගත් නුපූර් ශිඛාරේ, පෙර වසරේ සැප්තැම්බර් මාසයේදී පාපැදි ධාවන තරඟයක් අතරතුර තරමක් සාම්ප්‍රදායික නොවන ආකාරයෙන් ඇයට විවාහ යෝජනාවක් කළ බව සඳහන් වෙනවා.

නූපූර් ඊරාගේ හදවත දිනාගත්තා පමණක් නොව ඇයගේ පවුලේ සියල්ලන් දිනාගෙන ඇති බව ඡායාරූපවලින් තහවුරු වී තිබෙනවා.

නූපූර් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී හදවතින්ම නටන ඡායාරූපවල, අමීර් ඛාන් ආඩම්බරයෙන් ඔහු දෙස බලා සිටින ආකාරය සටහන් වී තිබෙනවා.

තවත් ඡායාරූපයක දැක්වෙනේ නූපූර් ඊරාගේ මව රීනා දත්තා සමඟ නර්තනයේ යෙදෙන ආකාරයයි.

අමීර් ඛාන් සහ කිරන් රාඕගේ ආදරණීය පුත් අසාද් රාඕ ඛාන් සමඟ ද නූපූර් ශිඛාරේ එම ඡායාරූපවල උණුසුම් ලෙස පෙනී සිටින ආකාරය දකින්න ලැබෙනවා.

ඇගේ සමාජ මාධ්‍ය පෝස්ටුවේ ඇය වසරකට ආසන්න කාලයක් මෙම වටිනා මතකයන් ලෝකය සමඟ බෙදා ගැනීමට සුදුසුම කාලය එනතුරු බලා සිටි බවයි පවසා ඇත්තේ.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...