ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් සමුගනී

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.

මේ වන විට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන රූපලාවන්‍ය ශිල්පීන් බොහෝ දෙනෙක් ද ඔහුගේ ශිෂ්‍යයන් ලෙස සැලකෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 64ක්.

Latest News

error: Content is protected !!