නන්දා මාලිනී අසාධ්‍ය තත්ත්වයේ බවට පැතිර යන කටකතාවල ඇත්ත නැත්ත

ප්‍රවීන ගායිකා විශාරද නන්දා මාලනී මහත්මිය පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවට ඊයේ (24) දිනයේ සමාජ මාධ්‍යවල වාර්තා පළ වුණා.

මේ පිළිබඳ කළ විමසීමක දී දයාන් විතාරණ මහතා පැවසුවේ එම පුවත ව්‍යාජ එකක් බවයි.

නන්දා මාලනී මහත්මිය අසනීප තත්ත්වයෙන් පසු වුවත් එය කිසිසේත් මෙම සමාජ මාධ්‍ය පුවත්වල සටහන්ව ඇති පරිදි දරුණු ගණයේ රෝගී තත්ත්වයක් නොවන බව ඒ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ සමාජ මාධ්‍යයන්හී අවධානය ලබාගැනීමටත් ෆේස්බුක් පිටුවලට ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි කරගැනීමටත් සිදුකරන මෙවන් පහත් ආකාරයේ ක්‍රියාවන් සිදු නොකරන ලෙසයි.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...