ළමුන් හා කාන්තාවන් ඝාතනයට අනුබල දෙන එක්සත් ජාතීන්ගේ මහලේකම් වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමක්

ඔක්තෝබර් 7දා ඊශ්‍රායලයට එරෙහි හමාස් ත්‍රස්තවාදී කන්ඩායමේ විනාශකාරී ප්‍රහාරය සඳහා වූ පෙළඹවීම යුදෙව් රාජ්‍යය විසින් පලස්තීන ප්‍රදේශ අඛණ්ඩව පාලනය කිරීම බව හැඟවෙන ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් කෝපයට පත් ඊශ්‍රායල නිලධාරීන් අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වහාම ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල-හමාස් යුද්ධය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී, හමාස් ප්‍රහාර රික්තකයක් තුළ සිදු නොවූ බව හඳුනා ගැනීම ද වැදගත් බව මහලේකම්වරයා පැවසීය.

එම අදහසට දැඩි ලෙස විරෝධය පළ කළ ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම ඊශ්‍රායල දේශසීමා හා ප්‍රජාවන් විනාශ කර හමාස් එල්ල කළ ප්‍රහාරයෙන් 1,400 ක් පමණ මරා දැමූ බවත් ඔවුන්ගෙන් බහුතරය සාමාන්‍ය සිවිල් වැසියන් බව සඳහන් කළේය.

ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ ව්‍යාපාරයට එකඟතාවය සහ සහයෝගය පෙන්වන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නායකත්වය දීමට සුදුසු නැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති Gilad Erdan මහ ලේකම්වරයා වහාම ඉල්ලා අස්වෙන ලෙසට බල කර සිටියි.

“ඊශ්‍රායලයේ පුරවැසියන්ට සහ යුදෙව් ජනතාවට එරෙහිව සිදු කරන ලද දරුණුතම කුරිරුකම්වලට අනුකම්පා කරන අය සමඟ කතා කිරීම සාධාරණීකරණයක් හෝ තේරුමක් නැත. සරලවම වචන නොමැත.”යැයි ඔහු X හි සටහනක් තබමින් පැවසීය.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...