ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ සිය වාර්තාකරුගේ බිරිඳ, පුත්‍රයා සහ දියණිය මිය ගිය බව Al Jaseera පුවත් ඒජන්සිය පවසයි.
හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගිය බවයි.
මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල හමුදාවෙන් ක්ෂණික ප්‍රකාශයක් නොකෙරුණු අතර, Al Jaseera ජාලය පැවසුවේ ගාසා තීරය ගොඩබිමෙන් ආක්‍රමණයක් සැලසුම් කරන අතරතුර වහාම ඉවත් වෙන ලෙස ඊශ්‍රායලය කළ දැනුම් දීමෙන් පසු Wael al-Dahdouh ගේ පවුල එම ප්‍රදේශයට පලා ගොස් සිටි බවයි.
ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ මුල් බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වීමෙන් පසු ඔවුන් රැකවරණය පතා සිටි ගාසා නගර මධ්‍යයේ පිහිටි Nuseirat කඳවුර ප්‍රහාරයේ ඉල්ලකය වී තිබිණි.
අල් ජසීරා පැවසුවේ Dahdouh පවුලේ අනෙකුත් සාමාජිකයින් සුන්බුන් යට වැළලී ඇති බවයි. පවුලේ සාමාජිකයන් අප්‍රාණිකව රෝහල්ගතව සිටිනු දුටු Dahdouh හඬා වැටෙන සජීවී දර්ශන ජාලය විකාශය කළේය.
“ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන් අසීමිත ලෙස ඉලක්ක කර මරා දැමීම Al Jaseera මාධ්‍ය ජාලය දැඩි ලෙස හෙළා දැක තිබේ. එය Wael Al-Dahdouh ගේ පවුල සහ තවත් ගණන් කළ නොහැකි අය අහිමි කිරීමට හේතු වී ඇතැයි ඔවුන් පවසයි.