ගෝඨාභය යටතේ පූස් පැටව් වගේ හැංගිලා හිටිය නාමල්, සාගර දැන් බල්ලො වගේ එළියට ඇවිත් බුරන්න පටන් අරන් – නිමල් ලංසා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පූස් පැටවුන් මෙන් ගොළු වූ නමුත් දැන් බල්ලන් මෙන් බුරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිමල් ලන්සා මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ පැවරීම සම්බන්ධයෙන් ඔවුන් කරන විවේචන සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට ප්‍රතිචාර දක්වමින් ලන්සා මේ බව කියා සිටියා.

පසුගියදා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලන්සා ජනාධිපතිවරයා විද්‍යාත්මකව අමාත්‍යාංශ ඒකාබද්ධ කර ඇති බවත් එය ඵලදායී තීරණයක් බවත් පවසනවා.

“නාමල් සහ සාගර එයට වාද විවාද කරන්නේ නම්, කිසියම් අසාමාන්‍යතාවයක් තිබේදැයි ඔවුන්ගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි.”

සහය පළ කරනවා වෙනුවට හැකිනම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී මෙම ප්‍රකාශ කරන ලෙස මන්ත්‍රීවරයා සාගර කාරියවසම්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

තමන්ගේම බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ හතර වතාවක් කැබිනට් සංශෝධනය කරන විට නිහඬව සිටි නමුත් ජනාධිපති වික්‍රමසිංහ අමාත්‍යාංශ කිහිපයක් සංශෝධනය කරන විට නාමල් එළියට ආ බව ද ඔහු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට නාමල්ට කිසිදා ධෛර්යයක් නොතිබුණේ ඇයි? එයාගෙයි සාගරගෙයි ඔළුව චෙක් කරන්න ඕන. රට විනාස කරලා තමයි කතා කරන්නේ” ලාන්සා එසේ පවසා සිටියා.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...