කොළඹ වරායේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳ කොරියාවෙන් ලැබුණු සහතිකය

නව වෙළඳ මාර්ග සහ ආයෝජන සඳහා රටවල් රැසක් එක් කර ගත් සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් වන දකුණු ආසියාවේ ද්වාරය ලෙස හා කලාපයේ උපාය මාර්ගික ස්ථානයක් ලෙස කොළඹ වරායේ වැදගත්කම කොරියානු ජනරජයේ තානාපතිනි මියොන් ලී මහත්මිය අවධාරණය කරනු ලැබූ බව වාර්තා වේ.

කොරියාවේ ඉන්දු පැසිෆික් උපායමාර්ගය පිළිබඳව අවධානය යොමු කරමින් එය කලාපය තුළ වෙළඳාම සහ ආයෝජන සඳහා පමණක් නොව දකුණු ආසියානු හවුල්කරුවන් සමඟ ආරක්ෂක සහයෝගීතාව සඳහා ද සම්බන්ධ වීමට සහ සහයෝගීතාවයට පත් කිරීමට අපේක්ෂා කරන බව තානාපතිවරිය මෙහෙදී සඳහන් කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ කොරියානු නෞකාවක් වන Kwanggaeto the Great ඊයේ (26) කොළඹ වරායට පැමිණි අවස්ථාවේදීය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විදේශ දූත මණ්ඩලවල ප්‍රභූවරුන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...