ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රැකියා ඇබෑර්තුවකට අදහාගත නොහැකි වැටුපක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය දිනක තොරතුරු තාක්ෂණ නිලධාරී පුරප්පාඩුවකට අදාළව බඳවා ගැනීමක් වෙනුවෙන් පළ කරනු ලැබූ සමාජ මාධ්‍ය දැන්වීමක් බොහෝ දෙනෙකුගේ හාස්‍යට ලක් වී තිබෙනවා.

එහි අවශ්‍ය සුදුසුකම් යටතේ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක සුදුසුකම් ඉල්ලා ඇති අතර අදාළ තනතුර සඳහා ගෙවනු ලබන වැටුප ලෙස දක්වා ඇත්තේ රු 45,000ක් වැනි අවම මුදලක් වීම ඊට හේතුවයි.

වැටුප සාකච්ඡා කරගත හැකි බව අදාළ දැන්වීමේ සඳහන් කර තිබුණ ද එය කිසිසේත් එම වෘත්තියට සහ එහි ඇතුළත් රාජකාරීවලට නොගැළපෙන බව බොහෝ දෙනෙක් පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!